අගමැති කාර්යාලය ඉදිරිපිටදී දැන් පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ මහ නගර සභාව ආශ්රිත මාර්ගයන්හි විශාල වාහන තදබදයක් පවතී. අගමැතිවරයාට බුද්ධ ශාසන ඇමති තනතුරෙන් ඉවත්වන ලෙසට බලකරමින් සිංහල රාවය සංවිධානයේ භික්ෂූන්වහන්සේලා පිරිසක් මේ වනවිට අග්රාමාත්ය කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ වාඩිවී උපාවාසයක නිරත වී සිටිති.කෙසේනමුත් අගමැතිවරයා මේ වනවිට අග්රාමාත්ය කාර්යාලයේ නොසිටින අතර, අගමැති පැමිණෙන තෙක්ම තමන් කාර්යාලය ඉදිරිපිටින් ඉවත් නොවන බව උද්ඝෝෂකයෝ සඳහන් කරති.
මෙහි වීඩියේ දර්ශණ නැරඹීමට 'අද' වීඩීයෝ පිටුවට පිවිසෙන්න...........