යූ.ඇන්.පීයේ ඉඳලා සන්ධානෙට ගිය උපේක්ෂා ස්වර්ණමාලී පසුව විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරියක් වුණා. මැතිවරණයෙන් පස්සේ යූ.ඇන්.පීයේ තලතා අතුකෝරල එම අමාත්‍යංශයේ ඇමතිනිය වුණා. පබාගේ තනතුර අහෝසියි. ඊයේ එම අමාත්‍යංශයේ පැවැති කාන්තා දින සැමරුම් වැඩසටහනට පැමිණි ඇමතිනි තලතා අතුකෝරළ සහ ඇමතිනි රෝසි සේනානායක අසල දණගසාගෙන පබා (උපේක්ෂා ස්වර්ණමාලී) අහන්නේ 'අක්කේ මං ආයෙත් එන්නද?' කියල ද දන්නෙ නෑ. හැබැයි ඉතින් මෙහෙම ගියොත් 'අක්කලා නංගිලා කාටත් වැඩි කාලයක් නෑ' කියල ජනතාව කියයිද දන්නෙ නෑ.