එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කරන ලද 'වෙලින්' හෙවත් 'ඒ 522' නෞකාව නිසි ක්‍රමවේදයන්ට අනුව බටහිර මුහුදු තීරයේදී ගිල්වා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (26දා) කටයුතු කළේය.
මෙම නෞකාව ඒල් ටී ටී ඊ ජාත්‍යන්තර නායකයකු වූ කුමරන් පද්මනාදන් ( කේ .පී.)ට අයත් tකක්වූ අතර එම නෞකාව ඉන්දුනීසියාවේ තිබී යුද හමුදා බුද්ධි අංශය හා නාවික හමුදාව එක්ව අත්පත් කරගෙන මෙරටට ගෙනඑනු ලැබූ එකකි.
අදාළ නෞකාව භාවිත කිරීමට නොහැකි තත්ත්වයේ පැවතීම හේතුවෙන් එය නිසි ක්‍රමවේදයන්ට අනුව මුහුදේ ගිල්වා දැමීමට රජය තීරණය කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව පෙන්වා දෙන්නේ ගිල්වන ලද නෞකව තුළ විශාල වශයෙන් කොරල්පර බිහිවීම සහ ජලජ ජීවීන් ගැවසීම හේතුවෙන් දේශීය සහ විදේශීය සංචාරකයන්ට කිමිදුම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති අතර, එය මෙරට සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලක් වනු ඇති බවයි.
මේ අතර, යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් ද ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව සඳහන් කළේය.
යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 කි.
ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක පටවා එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව කළේය.