මැතිවරණ නොපැවත්වීම යනු හොරට මැතිවරණ පැවැත්වීම හා සමාන බවත් මෙලෙස මැතිවරණ කල් දැමීමේ වගකීම දේශපාලන බලාධිකාරය විසින් බාරගත යුතු බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
සභාපතිවරයා මේ බව පැවසූවේ කල්පිටියේදී සැබෑ ප්රජාතන්ත්රවාදය ඡන්ද බලය මත රඳා පවති යන මැයෙන් පැවති ජනතා දැනුවත් කිරීමේ වැඩසටහනකය එක්වෙමිනි.
"මේ රටේ ඡන්දය කල්ගියා වැඩියි. ඡන්දය කල්ගිහිල්ලා, කල්ගිහිල්ලා, 2018 පෙබරවාරී මාසයේ පැවැත්වුණා. පළාත් සභා ඡන්දය පවත්වන්න කොච්චර කල්යයිද අපි දන්නේ නැහැ.
ඡන්දය කල් දැමීම යනු හොරට ඡන්දය තියෙනවා වගේ වැඩක්. ඒකට හොඳම උදාහරණය කැඩුණු ඔර්ලෝසුවක වෙලාව වැරදියට දුවනවා වගේ. ප්රජාතන්ත්රවාදයට බරපතළ බලපෑමක් වෙනවා.
මැතිවරණ ප්රමාදයට වගකිවයුත්තේ, මැතිවරණ කොමසාරිස්තුමා, මැතිවරණ කාර්යමණ්ඩලය හෝ මැතිවරණ කොමිෂම නෙවෙයි. මැතිවරණ ප්රමාදයට වගකිව යුත්තේ, පාර්ලිමේන්තුව, කථානායක, සභානායක, පක්ෂ නායකවරුන්, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පවා වගකිව යුතු වෙනවා.
ප්රජාතන්ත්රවාදය සර්වජන ඡන්ද බලය දිනාගත හැක්කේ කෙසේ ද? අපි නිහඬව සිටියෝත්, නිකම්ම හිටියොත් මෙම අයිතීන් විනාශ වෙලා යනවා. මේවා අයිති දේශපාලකයන්ටයි කියලා අපි නහඬව හිටියෝත්, ප්රජාතන්ත්රවාදය අපිට අහිමි වෙලා යනවා. වගකීමෙන් යුතුව අපි ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතහෝත් ඔඹේ ඡන්දය ප්රජාතන්ත්රවාදයේ මිණි පෙට්ටියට ගසන ඇණයක් වේවි."
කල්පිටිය කුමාරි කොට්ටහච්චි
