saravita-anim2

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා

TOP STORY - timelapse 7956 hours ago

LATEST

ජීනීවා යෝජනාවලියෙන් ඉවත්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

calendar_today 2020 පෙබ 26 - 16:07 remove_red_eye - 756  

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.

පළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙයි.

Read More

රටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්දන නාස්ති වනවා සේම විශාල ලෙස වටිනා කාලයක් වාහන වල ගත කරන්න සිදුව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

දේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.

Read More

අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

Read More

කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

දඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්දේ පාසල ආසන්නයේදී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.

Read More

හාලි ඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් ‍දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් එම නඩුවේ හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.

Read More

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද (19දා) අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.

Read More

මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම්කර තිබේ.

Read More

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ගත් තීරණය ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මහමැතිවරණයේදි ‌දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද (14) සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණ තිබුණි.

Read More

නීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබේ.

Read More

උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ නම ජාතික සමගි බලවේගය ලෙසින් නම් කිරීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් එකතු වන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

Read More

පසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Read More

මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසු වූ තරුණයික් සිව් දෙනෙකුය.

Read More

සී.ඩී. තැටිය තවදුරටත් පරීක්ෂා කර බලා ජාතික වශයෙන් අගතියක් විය හැකි කරුණු, ප්‍රභූ පුද්ගලයන්ට අපහාස විය හැකි කරුණු හා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කර කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙස කාරක සභා සාමාජිකයෝ මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත දැනුම් දුන්හ.

Read More

(UPDATE) ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත නිදහස් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.