saravita-anim2

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා

TOP STORY - timelapse 7750 hours ago

LATEST

දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11 දා

calendar_today 2020 අප්‍රේ 11 - 21:54 remove_red_eye - 1365  

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Read More

ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්‍රෑ 260 සහ අයිස් කි.ග්‍රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 197 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

කොරෝනා ආසාදනය වූ රෝගින් කිසිවෙකුත් අද (10) පස්වරු 5.00 පමණ වන විට වාර්තා වී නොමැති බවත් මේ වන විට ලංකාවේ වාර්තා වි ඇති කෝව්ඩ් අසාදිතයින් ගණන 190ක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

මෙම පරිත්‍යාගය රැගත් චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.

Read More

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත .

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 47ක් දක්වා වර්ධනය විය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

Read More

තවත් ආසාදිතයි දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් ගණන මීට සුළු වේලාවකට පෙර 188 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186ක් දක්වා වර්ධනය විය.

Read More

මෙසේ මිය ගිය අය අතර එංගලන්තයේ කොවිඩ් 19 මර්දන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකත්වය දුන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ද වෙයි.

Read More

කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියළු දිස්ත්‍රික්කවල යළි පැනවූ ඇඳිර නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.

Read More

කොවිඩ්-19 ආසාදනය වූවන් ලොව පුරා මේ වනවිට 1,273,794ක් වාර්තා වන අතර, සුව වූවන් 260,193ක් වාර්තා වෙයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

මෙරට කොරෝනා වෛරසය ආසාධිතවූ රෝගීන් සංඛ්‍යාව 175ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.

Read More

කෝවිඩ් -19 ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වි තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම/සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ලිහිල් කෙරෙන අතර, එදිනම දහවල් 2.00 පනවයි, නැවත ඉවත් කරන දිනය ඉදිරියේදී දැනුම් දෙයි

Read More

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කෝවිඩි - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේ සිට අද පස්වරු 4.30 දක්වා රෝගීන් 11 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙයින් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් වෙයි.

Read More

වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.