saravita-anim2

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2025 පෙබරවාරි මස 05 වන බදාදා

TOP STORY - timelapse 74 hours ago

LATEST

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - 35ක් රෝහල් ගත කෙරේ

calendar_today 2025 ජන 19 - 11:54 remove_red_eye - 284  

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂම නිර්දේශ කර තිබේ. ඒම මිල අඩු කිරිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක බව එම කොමිෂම නිවේදනය කරයි

Read More

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීම සිදු කර ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16දා) පෙරවරුවේ සිදු විය.

Read More

මන්නාරම අධිකරණය ඉදිරිපිට මාර්ගයේ අද(16දා) පෙරවරු 9.20ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

’එක් චීනයක්’ ප්‍රතිපත්තිය වෙනුවන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පං මහතා අතර පැවැති හමුවේදී පැවැසීය.

Read More

සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න - රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපතිවරයාගෙන් උපදෙස්. අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය.

Read More

’’කතරගම දේවාලයෙන් නෙකරපු සමාජ සේවයක් මම කරන්නේ. මම මේවා සිදුකලේ දේශපාලනයට එන්න නෙවෙයි පක්ෂ විපක්ෂ වල සමහරක් බය වෙලා මම දේශපාලනයට එන්න තමයි මේ වැඩ කරන්නේ කියලා මම කවදාවත් දේශපාලනයට එන්නේ නැ හිීනයකින් වත් මම දේශපාලනයට යන්න කැමති නැ.මම කතරගම දේවාලයේ පරිපාලනයට රජය විසින් පත් කරපු නිළධාරියෙක්. මම එය තෙරුම් ගත්තට සමහරක්ට බැරිවෙලා’’

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ලගා වී තිබේ.

Read More

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14දා) යෙදී තිබේ.

Read More

නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගායලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13දා) යළි දිවයිනය පැමිණියහ.

Read More

උසස් අධ්‍යාපන ආයතන 22 ක අධ්‍යන හා අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි 551 දෙනෙකුගෙන් බැඳුම්කර කඩකිරීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් මිලියන 2,262 ක මුදලක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

සමහරවිට මේ ක්‍රීඩාංගනයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැලපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල නැති නිසා. තවදුරටත් මේ නම යටතේ ඉදිරියට ගියොත් ජාත්‍යන්තරය පවා භය වේවි.

Read More

වාහන ආනයනය සම්බන්ධයෙන් 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කෙරුණු කැබිනට් පත්‍රිකාවකට අනුව අලුතින් ආනයනය කෙරෙන වාහන සඳහා එක් කර ඇති නව බදු වර්ග හතරක් හේතුවෙන් නව වාහන ආනයන බදුවල වටිනාකම සීයට 400 - 500 අතර අගයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

Read More

අරක්කු හා සිගරට් බදු ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අරක්කු බෝතලයක මිල සියයට 6කින් පමණ ඉහළ යනු ඇත. එසේම සිගරට් මිලද රුපියල් 5 සිට 10 දක්වා අතර මිලකින් ඉහළ යනු ඇත. මෙම මිල වැඩි කිරිම අද දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වූ උදයංග විරතුංග මහතා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට‌ ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට වඩා 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 358ක වෙනසක් දක්නට ලැබේ.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් බදුගත් 401දෙනෙකුගෙන් රුපියල් 1,180, 434,743 ක හිග බදු මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

Read More

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසු ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරමින් පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ කාගේ හොද හිතා දිනා ගන්නද? යනුවෙන් පොලිසියෙන් ප්‍රශ්ණ කල කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් පෝස්ටර් ඇලවුවානම් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට නොගත්තේ කාට බයේද? යනුවෙන් විමසුවේය.

Read More

පොලිස් රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08දා) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් නියොජිතයෝ සඳහන් කරති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් අතර මානසික අවපීඩනය (Depression) මත සියදිවි නසා ගැනීමේ වැඩි වීමක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම විය යුතු බවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ විය.

Read More

චීනයේ අද(07දා) අලුයහ හටගත් රික්ටර් මාපක 7.1ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වසර තුනක පමණ කාලයක සිට දිවයිනේ බන්ධනාගාරවල පවතින නිලධාරීන් 1834 දෙනෙකුගේ හිඟය නිසා රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී එස්. දිසානායක මහතා සඳහන් කරයි.

Read More

මෙරට රාජ්‍ය සේවය තුළ ලක්ෂ පහළොවක පමණ පිරිසක් සිටියද පසුගිය කාලයේ රාජ්‍ය සේවයට අදාළව විවිධ පත්වීම් ලබාදීී ඇතත් ඒවා ලබාදී ඇත්තේ දේශපාලන අරමුණු පෙරදැරි කරගමින් මිස මහජන සේවය අරමුණු කරගෙන නොවන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

Read More

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.

Read More

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුද්ගලික අභිමතය පරිදි ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

Read More

මෙම විගණන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මේ සඳහා වැය කළ මුළු මුදල රුපියල් 323,393,249 ක් බව සඳහන් වේ. එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේය.

Read More

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 20, 53, 465 (විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පහක්) දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

වසර 13ට පසුව ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි 20 ක්‍රිකට් ශතකයක් වාර්තා කිරීමට අද(02දා) සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.