saravita-anim2

2025 පෙබරවාරි මස 12 වන බදාදා

2025 පෙබරවාරි මස 12 වන බදාදා

TOP STORY - timelapse 6050 hours ago

LATEST

සතියක් පාසල් වසයි

calendar_today 2021 අප්‍රේ 27 - 13:39 remove_red_eye - 738  

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සතියක කාලයක් එනම් අප්‍රේල් 30 දා තෙක් වසා දැමීමට අදරැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් එළැඹෙන 30 දා තෙක් වසා තැබීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව පසුගිය 24 දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බද්යුදීන් මහතා හා ඔහුගේ සොයොයුරු රියාජ් බද්යුදීන් මහතා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

Read More

අප්‍රෙල් 30 සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් (පෙරපාසල් හා පිරිවෙන්ද ඇතුළත්ව) වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.

Read More

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.

Read More

සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගයදීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.

Read More

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Read More

නිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුරුදු 18ක තරුණියක්, මහරගම පදිංචි අවුරුදු 71ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

Read More

නැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.

Read More

2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවත් මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

(UPDATE)රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ ඇප මත මුදාහර තිබේ.

Read More

සියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

කිසිදු දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ජාත්‍යන්තර වහබ්වාදය කියන අදහස ඇතිවයි කිව්වේ. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මීට වඩා පැහැදිලි පිළිවෙලක් ඇතිව වැඩපිළිවෙලකින් මේ කරුණු සොයා බලා මේවා ඉදිරියට සිදු නොවෙන්න කටයුතු කරන්න කියලා.

Read More

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

Read More

වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි.

Read More

වර්තමාන කොමිසමේ සැලැස්ම අනිවාර්යයෙන් ජනපති අනුමැතිය ලබාගත යුතු යි. සංශෝධනයක දී පවා ජනපති අනුමැතිය අවශ්‍ය යි. එහි මුදල් පිළිබඳ සියලු වාර්තා ජනපතිට ඉදිරිපත් කළ යුතු යි. පොලිසියට වගේ ම යුධ හමුදාවටත් එහි ප්‍රවේශය තිබෙනවා. එහි ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතිය. කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.