saravita-anim2

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 584 hours ago

LATEST

විපක්ෂනායක සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

calendar_today 2024 ජුලි 31 - 09:45 remove_red_eye - 215  

ඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී ඉදිරි ජනපතිවරණයෙදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට මන්ත්‍රීවරු 92ක් ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

තම පක්ෂයේ ප්‍රතිපත්තිය අතිතයේ පටන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී බවත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුර නියෝජනය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

(UPDATE) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ජනාධිතිවරණය සදහා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අද (29දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවේ දී එම තීරණය ගෙන ඇත.

Read More

එකතු කරන ලද අගය මත බදු (වැට්) ලෙස රාජ්‍ය ආයතන 13කින් පසුගිය පස්වසරේදී 2019 ජනවාරි 01වන දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් අසූඅට කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් අදාළ සැපයුම්කරුවන් 28දෙනෙකු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

Read More

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ 2018 ජනවාරි 01වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා වසර 05ක සාමාන්‍ය වාර්ෂික වියදම රුපියල් මිලියන 4,342ක් වුවද 2023 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මස 31වනදා කාලසීමාව තුළ ප්‍රභූ ආරක්ෂක වියදම රුපියල් මිලියන 5,833ක් දක්වා වැඩි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 26වන දින නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ප්‍රභල ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන් පරාජය කරමිනි.

Read More

 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුවෙ තීරණාත්මක සාකච්ඡාවක් හෙට...  පොහොට්ටුවෙ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ජනාධිපති රනිල්ට...

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මෙන්ම පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර ජනපති අපේක්ෂකත්වය හා ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පවත්වන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නියමය පලකරන දිනය,නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ චන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට( 26) දින ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

Read More

එළැඹෙන ජනපතිවරණය සඳහා තමන්ද අපේක්ෂකයෙක් ලෙස එක්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සිය X ගිනුමෙන් නිල නිවේදනයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඔහු පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති ඉදිරිපත් කර ඇි මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Read More

ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Read More

අයවැයෙන් මුදල් වෙන් කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑලිය පොලිසියට නියෝග කර ඇත.

Read More

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

Read More

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගන්න එපා ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් සිදු වූ අතපසු වීම ගැන මම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා – ගාල්ල, බෙලිගහ ඉදි කළ නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් ජනපති පවසයි.

Read More

’’මම නම් දන්න තරමින් එයා ක්ලබ්ස් කළා. එයාට සල්ලි තිබුණා. අපට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතිව හිටපු පුද්ගලයෙක් කියලා තමයි අපේ විමර්ශන වලින් එළියට ඇවිත් තියේනේ’’

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවහොත් ජනාධිපති මැතිවරණයේදී ගැටලු සහගත තත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) දැනුම් දුන්නේය.

Read More

ජනාධීපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ දිනයේ දැන්වීම ජූලි මස අවසන් වීමට ප්‍රථම නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.මෙම දිනය තීරණය කරනු ලබනනේ ජනාධිපතිවරණ පනත හා ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත පමණක් බවද රත්නායක මහතා පෙන්වා දේ.

Read More

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ විදුලි ගාස්තු 27% කින් පහල දැමෙන අතර අනෙකුත් කර්මාන්ත රාජ්‍ය හා පුන්‍ය ආයතන ඒක්ව ගත්විට සමස්ථ විදුලි බිල 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

Read More

ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි වැදිමක් හේතුවෙන් තුවාල ලබා තිබේ. පෙන්සල්වේනියාවේ පැවැති දේශපාලන රැළියකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වනිඳු විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය මාස 6කට ආසන්න කාලයක් දැරූ අතර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ අදක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් වනිඳුට දැඩි දෝෂාරෝපන එල්ල විය.

Read More

රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 939.5 ක් දක්වා 1.7% ක ප්‍රතිශතයකින් අඩු වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අය වැය තත්වය පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

Read More

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන අහුංගල්ලේ ලොකු පැටි ටැටූ නිර්මණ ශිල්පී දුලාන් සංජුල වෙත රුපියල් පහලොස් ලක්ෂ අසූ හය දහස් පන්සියයක මුදලක් ලබාදුන් බව පොලිසිය හමුවේ පාපෝච්චාරණයක් කරමින් ටැටූ නිර්මාණ ශිල්පියා පවසා තිබේ.

Read More

අතුරුගිරිය ටැටු මධ්‍යස්ථානයේදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 කු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

ජූලි 08 සහ 09 වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන් ඇගයීමට ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්.

Read More

වෙඩි වැදීමට මුහුනදුන් අය අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත හා ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ පිරිස් හා රාජ්‍ය පළාත්රාජ්‍යසේවා වෘත්තීය සමිති එකමුතුවේ පිරිස් හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ පිරිස් අද(08දා) සහ හෙට(09දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරනු ලබයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.