saravita-anim2

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා

TOP STORY - timelapse 5918 hours ago

LATEST

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් ගැසට් නිවේදනයක්

calendar_today 2021 මැයි 27 - 17:35 remove_red_eye - 1557  

බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති රසායනික ඇතුලු වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය සඳහා අදාළ නැව් සමාගමෙන් වන්දි ලබා ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය, “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිෂ්චිතව වෙන් වෙන්ව හඳුනාගෙන නොමැත. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රටතුළට ගෙන ඒම, එක්රැස් කිරීම, වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක විය හැකි බැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල ගුණරත්න (විශ්‍රාමික) මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ආපදාවට පත් නෞකාවෙන් විටින් විට මුහුදට වැටෙන බාහාලුම් ඇතුළු විවිධ කොටස් දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙලෙස පාවී ඒමේ හැකියාවක් ඇති බැවින්, විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.

Read More

ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් හා එහි තිබූ බහාලුම් වල කොටස් මීගමුව වෙරළට ගොඩ ගසමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ.

Read More

කොළඹ වරායට නුදුරින් ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

Read More

මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් සඳහා ආසන 07 ලෑන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝගය අම්පාර ප්‍රදේශයේ පැතිර යන බවට මේ වෙන තෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.

Read More

කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසකට එළැඹෙයි.

Read More

මෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.

Read More

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරි වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා.

Read More

රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.

Read More

මීට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ලබන 23 දා දිවයිනට ගෙන ඒමට නියමිතය.

Read More

මඩකලපුව දිස්ත්‍රීක්කයේ ග්‍රාම නිලධාරි වසම් 5ක් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.

Read More

අද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වී ඇත. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

Read More

මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවා ඇත.

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමෙරිකාවේ FBI ආයතනය පවා තහවුරු කර ඇති බවත් එම ප්‍රහාරයට සම්බන්ධව එක් විදේශීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (19දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

Read More

අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටන විටදීය. ඔහුට වෙනත් ආබාධ ඇති බවට වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර මරණයට හේතුව ‍ලෙස දැක්වෙන්නෙ උග්‍ර කොවිඩ් නිව්මෝනියාවයි.

Read More

දින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Read More

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කිහිපයක් සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Read More

තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.