මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්, තුන්වන මාත්‍රාවක
අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදිම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වි තිරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
Read Moreමේ වසරේ ගතවු කාලසිමාව තුළ ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Read Moreඅයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreකොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශ්විය ආයතනයක් වෙයි.
Read Moreමෙහිදී ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12120ක මුදලකින් හා ගුරු සේවයේ පළමු ශ්‍රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11820කින් වැඩිවිමට නියමිතය. ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය.
Read Moreමේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 8.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.
Read Moreඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.
Read More(UPDATE) රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි මව හා දියණියන් දෙදෙනා (අවුරුදු 8 හා 14 ) ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreකොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.
Read Moreරැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.
Read Moreකෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.
Read Moreමුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreරටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
Read Moreඅධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපියද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.
Read Moreවැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
Read Moreසපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.
Read Moreවැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
Read Moreවත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ පාලකයන් මේ දක්වා සිහින බලමින් සිටින බවයි.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.
Read Moreරට හැර යන්න ගමන් බලපත්‍ර ලබා ගන්නා පෝලිමේ තරුණයන් සිටි නම් ඔවුන්ට රටට කැඳවාගන්න පුළුවන් ආකාරයේ දේශපාලනයක යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ’අද’ට වාර්තා වෙයි.
Read Moreරුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ රත්තරං තැටියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreමිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.
Read Moreගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ,කෘෂිකර්ම ඇමති ඇමැතිවරයා නියරක යන්ඩ දන්න කෙනෙක් නෙමෙයි.මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැතයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන අඛණ්ඩ උපවාස අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් සඳහන් කළේය.
Read Moreකොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.
Read Moreරජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreමම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. මෙහෙමයි මේක අනුමත වුණේ. උසාවියට ඇවත් කියනවා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.
Read More