ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 4ක් වෙත ඉන්ධන නිකුත් කිරීම නවතාලීමට ලංඛා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
’’පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.’’ මහ බැංකු අධිපති කියයි.
Read Moreවෙළඳපොලේ වටිනාකමට සතයක අඩුවෙන් අපි ඉන්ධන ලබාදීලා නෑ. ඉදිරියටත් අපි දෙන්නේ නෑ. මාධ්‍ය මේක නොදන නෙමෙයි වෛරය හිතා මතා ඇති කරන්න කරපු දෙයක්.
Read Moreජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා. එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා පොලිස්පතිතු තුමා කිව්වා’ කියලා. ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ.
Read Moreපසුගිය 09දා මයිනාගෝගම හා ගෝඨාගෝගම ප්‍ර දේශයන්ට පහරදීමේ සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
Read Moreපසුගිය 09 වැනි දින ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි අරගල භූමි වෙත පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඡන්ද 109ක් ලබාගනිමින් නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අජිත් රාජපක්ෂ මහතා පත්ව තිබේ. විපක්ෂය විසින් ඉදිරිපත් කළ රොහිනී කවිරත්න මහත්මිය ඡන්ද 78ක් ලබාගත්තාය. අවලංග වූ ඡන්ද සංඛ්‍යාව 23කි.
Read Moreසාමාකාමී උද්ඝෝෂකයින් සිටිනි මයිනා ගෝ ගමට’ සහිගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.
Read Moreරජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා.තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.
Read Moreපසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.
Read Moreආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහය ලබා දීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනා කරන කමිටු 15ට සම්බන්ධ වී කටයුතු කිරීමට ඔවුන් එකගතාව පළකර තිබේ.
Read Moreරටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ.
Read Moreකොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
Read Moreයළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
Read Moreවිදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, -දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන නාගරික සංවර්ධන හා නිවාස - රසන්න රණතුංග මහතා විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා
Read Moreසිය සම්මුඛ සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටින විරෝධතාකරුවන්ගේ අදහසට තමන් එකඟ වන නමුත් එය සිදු නොවන බව ය. ’’දොස් කීම ක්‍රියාවකට මඟ පාදන්නේ නෑ මම මෙහි පැමිණියේ මිනිසුන් පෝෂණය කිරීමටයි ’’ ඔහු පැවසීය.
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පත්කිරීමට යෝජිත බව වාර්තා වෙයි. එසේම එලෙස පත්කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩලය 20 දෙනෙකුට සීමා කිරීමටද නියමිතය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read Moreඑකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවිමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් අග්‍රමාත්‍යධුරය භාර ගැනිමට තිරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයෙකු මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් මේ සතියේදී පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
Read Moreසිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පලා නොයන බව ඔහුගේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අද (10දා) පවසා තිබේ.
Read Moreපැය ගණනාවක් අරලිය ගහ මන්දියර තුළ සිරව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශයේ දැඩි ආරක්ෂාවක් මැද එයින් පිටතට ගෙන ඇති බව වාර්තාවෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වෙනු ඇත. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි ආධාරකරුවන් පිරිසක් කළ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ වන විට සමස්ත රටම එකම ගිනි ගොඩක් බවට පත්ව තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreකොළඹ උතුර, කොළඹ මධ්‍යම කොළඹ දකුණ යන පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read More