ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (a) වගන්තිය අනුව ජනපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක් හට ගැනිණි.
Read Moreමහනුවර දැන් පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ජන රැළියට සහභාගී වී රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස සහය පළ කිරීම සිදු කළාය.
Read Moreපසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.
Read Moreසැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreරේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම ලෙස රුපියල් බිලියන 1000ක ආදායමක් 2024 ට ලැබුණු IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකියි. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට රේගු පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම නිසා මම අවස්ථාව හිමි වුණා. ජනපති සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය සහ මගපෙන්වීම වැදගත් වුණා – රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා.
Read Moreතමා එකසිය තිස් හතර දෙනෙකුගෙන් එක් අයකු බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්,රනිල් වික්‍රමසිංහ මහතා තවමත් බලය සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පිරිස පත්කරපු නිසා බවත්, තව සති දෙකකින් සියලු දෙනාම ඇමති ධූරවලින් ඉවත්වීම නිසා, තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කණගාටු නොවන බවද ගම්ලත් මහතා කීවේය.
Read Moreජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
Read More2024 අගෝස්තු මාසයට අදාළව අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.
Read Moreස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් නව සන්ධානයක් ස්ථාපිත කර තිබේ.
Read Moreමෙරට ළමුන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනුව අනාවරණය වී තිබේ.
Read Moreජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් කිසිසේත්ම ඒකපාර්ශවීයව ඉවත් නොවන බව ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර තිබෙන පැරාමිතීන් රටකට අහිතකර නොවන බවත්, කවුරුන් විසින් ලබාදුන්න ද එම ආර්ථික ඉලක්ක හොඳ ඒවා බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පැරාමිතීන් ඉටු කරගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කර, ජාත්‍යන්තර අරමුදල සමඟ ඇති ගිවිසුම බිඳනොවැටෙන ආකාරයේ වෙනස්කම්වලට යන බවද ඔහු සඳහන් කළේ
Read Moreඒ අනුව ජාතික ජන බලවේගයේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න කටයුතු කරන බවත්, එලෙස පරාජය කළ හැකි අය සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreගොවී ජනතාවට සහනයක් ලබාදීම ඔවුන්ට සහායක් ලබාදීම වෙනුවෙන් සියලු ගොවින් ලබාගෙන ඇති සියලු වගා ණය කපා හැරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.
Read Moreකාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා. රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා. කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා. සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා. මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා.
Read Moreදේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයේ ජනවාරි සිට ජූලි මස දක්වා මාස 06 ක කාලයක් තුලදී මෙරට බදු ගෙවන්නන්නේ සංඛ්‍යාව තුන් ලක්ෂ දාසය දහස් දෙසීය හැට හතරකින් (316,264) කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියෙකු සමඟ කරන ලද විමසීමක දී පැවැසීය.
Read Moreඅගෝස්තු මාසයට අදාළවද ගෑස් මිල අඩු නොකිරීමට එම සමාගම කටයුතු කළේය.
Read Moreඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 332කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 377කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 307කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 352කි. ලංකා භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර එහි මිල රුපියල් 202ක් ලෙස පවතී.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනෙකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයිද අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreපසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.
Read Moreඒ මහතා අද(29දා) පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුනගැසී සහය පළ කිරීම සිදු කළේය.
Read Moreක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කුකරු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreඇහැළියගොඩ ප්‍රදේශයේ අද(28දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreකෙරවල පිටිය ‘ස්බාදනවි’ බලාගාරයේ පළමු අදියට අද(28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබිණි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාට වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 10ට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (27දා) නියම කළේය.
Read Moreබලංගොඩ වැලිගෙපල පැරණි නගරයක් පිලිබදය තොරතුරු වැලිගෙපල නගරයට යාබද ප්‍රදේශයකින් සොයා ගැනීමට වැලිගෙපල ප්‍රාදේශිය ලේකම් අනුරාද ජයකොඩි මහතා ඇතුලු පිරිසකට හැකිවිය.
Read Moreසබරගමුව පළාත් සභාව පිටුපස භුමියේ වසරකට අධික කාලයක් තිස්සේ වෙන්දේසි කිරිමට නියමිත රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වාහන රැසක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරා පත්වෙන බව පළත් සභාවේ සේවකයින් පවසති.
Read Moreයාවත්කාලීන නොකළ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා.
Read Moreරජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read More