saravita-anim2

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

TOP STORY - timelapse 4202 hours ago

LATEST

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

calendar_today 2022 ජුනි 21 - 10:48 remove_red_eye - 869  

විපක්ෂයේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ. රට මුහුණ දෙන අර්බුදය විසදීමට ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් ආණ්ඩුව මේ දක්වා ඉදිරිපත් නොකිරිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20) අනුමැතිය දුන්නේය.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 දා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ජුනි 20 -24 සතිය තුළ අධ්‍යන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් රජයේ සේවකයන්ට ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛයක් නිකුත් කළේය.

Read More

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකා උපදෙස් දී තිබේ.

Read More

අපිට විශ්වාසයක් තිබෙනවා. තව දින තුනත් ඇතුළත එක පෙට්‍රල් නෞකාවක් ලබා ගන්නවා. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින අටකින් පමණ අනෙකුත් නෞකා දෙක ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

Read More

ඉන්ධන ගැන අමාරුම සති තුන පැමිණ ඇති බවත් ඉන්ධන හා ගෑස් ලබාගැනීමට ඇති පෝලිම්වලින් ඒ බව පෙනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස තුනක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිදී ගැනීම වෙනුවෙන් පළමුව වෙනත් මූලාශ්‍ර සොයා බලන නමුත් මොස්කව් වෙතින් තවත් බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඒ.පී. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

Read More

මන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේදි අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.

Read More

විදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තියෙන් තමා වෙත පැවැරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (08දා) සවස නිකුත් කරනු ලැබීය.

Read More

හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව හෙට දිනයේදී බොහෝ විට ඔහු එම ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

මැයි 9දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.

Read More

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් මින් ඉදිරියට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවයි.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා. අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් භාවිත කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ කාලයේදී තමන් ගැන පමණක් සිතා තමන් ගැන සිතා ඉන්ධන හා ගෑස් රැස්කර තබා ගන්න එපා.

Read More

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. එම දඩුවම වසර 5කට අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read More

’’මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යන්න බෑ’’ යැයි ජනපතිවරයා සඳහන්ය කර තිබේ. ජනපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වෙයි. “අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ.’’ යැයි ඔහු පවසයි.

Read More

මම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා.මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

Read More

ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.

Read More

“රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදු වීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස දැනුවත් කර තිබෙනවා”

Read More

රුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.