saravita-anim2

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

TOP STORY - timelapse 4071 hours ago

LATEST

ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධියි - ජනපති

calendar_today 2022 ජුලි 21 - 09:10 remove_red_eye - 902  

නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. අරගලයක් කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න, ගෙවල් ගිනි තියන්න. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒක නීති විරෝධියි. නීති විරෝධී අයට අපිට නීතිය අනුව ක්‍රියා කරනවා. තරුණයන්ට අනාගතය හදන්න මම සම්පූර්ණ සහාය දෙනවා

ශ්‍රි ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ.

Read More

(UPDATE/LIVE) පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලින්ම ඡන්ය ප්‍රකාශ කළේය.

Read More

මේ වන විට හිස්ව ඇති ශ්‍රී ලංකාවේ ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්විමට නියමිත ඡන්ද විමසීම සඳහා එක් නොවීමට සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ. ඒ අනුව සමගි ජන බලවේගය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

අද (18දා) සිට රටටම බලපාන පරිදි හදිසි නීතිය පැනවීමට වැඩබලන ජනපති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මහජන ආරක්ෂක පනත හරහා පැවැරී ඇති බලතල අනුව වැඩබලන ජනපතිවරයා මෙසේ හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හරහා ඉන්ධන පාරිභෝගිකයන් වෙත නිකුත් කරන්නේ මේ වන විට එම ඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී සිටින වාහන ඉවත් කර ගැනීමෙන් පසුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 ක් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කි.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබේ.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දි තිබේ.ජනපතිවරයාගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Read More

ජනපති‌ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.

Read More

සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read More

ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පි

Read More

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් පෙරවරු 11.30ට පමණ එරටින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව මාලදිවයිනට පිටත්ව ඒම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තේදැයි මාලදිවයිනේ ජනපතිගෙන් මාලදිවයිනේ මාධ්‍ය ප්‍රශ්ණ කර තිබේ.

Read More

වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර් ආටිගල යන මහත්වරුන්ට රටින් පිට වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය. ඉන්දියාවේ ANI පුවත් සේවය සමග දුරකතනය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ. ජනපතිවරයා රටින් පිටව ගොස ඇති බවට තමන් බී.බී.සි. පුවත් සේවය සමග සඳහන් කළ දෙය අත්වැරදිමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

’’රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළට නායකත්වය දීමේ වගකීමට නායකත්වය දෙනවා. අපි ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුම් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ කවුරු හරි යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරනවානම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. මාතෘ භූමිය රැකගන්න අපි සූදානම්. මාතෘ භූමියට නායකත්වය ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මවුබිමට ජය වේවා!’’

Read More

සර්වපාක්ෂික අන්තර්වාර පාලනයේ ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ශ්ව කිහිපයකින් නම් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම,පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඒ අතර.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සම්බන්ධනේ වන ණය පැකේජය පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම සඳහා විසඳුමක් බලාපොරොත්තු වන එම සංවිධානය පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.

Read More

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

කොළඹ ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත්තේය. විශාල ජනතාවක් එක්වරම ජනපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා වැදුණි. ආරක්ෂක අංශ සාමාජිකයන්ද කිසිවක් කර කියා ගත නොහැකිව සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ රාත්‍රී 9.00 සිට මීගමවු, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර, මධ්‍යම හා දකුණ) යන පොලිස් කොට්ඨාස වෙත නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට අද රාත්‍රී 9.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවා තිබේ.

Read More

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ වුවත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.