අපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි.
ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ.
Read Moreමල්ලවපොර ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත්වූවාය . ඇය කිලෝ ග්‍රෑම් 57 බරපංතියේ නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.ෙ මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩකාව බවටත් ඇය වාර්තා අතරට එක්වූවාය.
Read Moreඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅරගලකරුවන්ගේ ආරම්භයට, ආර්ථිකයේ කඩා වැටීම සහ බඩගින්න හේතු වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, අරගලකරුවන් අවසන් මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් අරගලය අවසන් කළේ යැයි කියා සිටියේය. එදා පාර්ලිමේන්තුව කලහකාරීන්ගෙන් ආරක්ෂා නොකළේ නම් අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ ආකාරයෙන් එක්ව සාකච්ඡා කිරීමට ඉඩක් නොලැබෙන බව ද පැවසීය.
Read Moreඑක් චීනයක් ප්‍රතිපත්තියට මෙන්ම රටවල්වල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත අවධාරණය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.
Read Moreලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්ධන ගෙන්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටවලින් ණය ආධාර ලබා දෙන තෙක් බලා සිටින යුගය අවසන් කළ යුතුයි. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරනවා. ඉන්ධන සඳහා ගෙවීම සමබර කර ගැනීම වෙනුවෙන් තෝරා ගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. ඉන්ධන සැපයීම සීමා කරන්න වෙනවා. මේ අර්බුදය අවසන් වන තෙක් මේ අමාරුකම් රට වෙනුවෙන් දරා ගනිමු.”
Read Moreලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.
Read Moreපවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු වේලාව මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම හෙට (01දා) සිදුකිරීමට නියමිතය. සෑම මසකම පළමුවැනිදා හා 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරිමට රජය තීරණයක් ගෙන තිබේ.
Read Moreමම ජනපතිධුරය භාර ගත්තා. ආර්ථික ප්‍රශ්නය විසඳිලා නෑ. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක, රැකියා නැති වෙන එක අද සංවර්ධනයට මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම තියෙනවා.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට එයින් සිදුව ඇති බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද (28 දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreශ්‍රී ලංකාව චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් සති දෙකක කාලයක් අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව වාර්තා වේ.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නැවත මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreදෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා අපනයන ඉතිහාසයේ මාසයක් තුළ ඇඟළුම් අපනයනයෙන් උපයා ගත් වැඩිම ආදායම පසුගිය ජුනි මාසයේදී වාර්තා වී තිබේ. එම මාසයේදී ඇඟළුම් අපනයනයෙන් ඩොලර් මිලියන 537 ක ආදායමක් උපයා තිබේ. එසේම මේ වසරේ පළමු මාස හය තුළ ඇඟළුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක ආදායමක් උපයා තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංයිධානය සඳහන් කරන්නේ විශ්වීය අධිකරණ බලය මත පදනම්ව කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.
Read Moreසාමකාමීව,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි තහවුරු කරයි.
Read Moreහඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
Read Moreජනපති ලේකම් කාර්යාලයෙ රැදී සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ අද දින අලුයම් කාලයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්‍ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreහැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතය. කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවෙයි. පෙ.ව. 9.00ට දිවුරුම් දිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඅටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරුවරයා ඉදිරියේදී ජනපතිවරයා සිය දිවුරුම කියැවීය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානින් මෙම අවස්ථාවට එක්විය.
Read More(LIVE VIDEO) ශ්‍රී ලංකාාවේ අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි දිවුරුම් දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
Read More