අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේ්සි සහිිත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.
ණය සහන පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නික්කෙයි ඒෂියා පුවත් සෙවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසිය.එසේම ඒ් සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීිම පහසු නොවන බවද ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුුවත් සේ්වය පවසයි. ඒ් අනුව ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බවද එම පුවත් සේවය පවසයි.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreමේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාර්ථක සාකච්ඡාවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම වසර අවසානය වන විට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreඅන්තර් විිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ ඇතුළු තිදෙනක් දින 90කකාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.
Read Moreඑක ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.
Read Moreසපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවද මූල්‍ය අරමුදල පවසයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreපහුගිය කාලයේදී අපි ගත්ත ප්‍රතිපත්ති එක්ක සාධනීය ප්‍රථිඵලයක් පේනවා. උද්ධමනය සියයට 70ට වඩා යන්න වගේ ඉඩකඩක් තිබුණ බව පෙනුනා. නමුත් විදුලි බල ගාස්තු වැඩිකිරිමට පස්සේ මේක යම් ප්‍රමාණයකින් අවසන් වෙලා ඉදිරියේදී උද්ධමනය අඩුවෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.
Read Moreජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.
Read Moreහම්බන්තොට වරාය යුදමය කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සඳහා චිනයට අවසර දි නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසරය දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
Read Moreචීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. මෙම නෞකාව ඉන්ධන හා අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිම වෙනුවෙන් මෙසේ හම්බන්තොට වරායට පැමිණියේය.
Read More“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත් කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා ඒ හා එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබිණි.
Read Moreබෙරාතෙල් නොමැතිවීම හේතුවෙන් සති කිහිපයක සිට වසා දමා ඇති සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළිත් සබන සතියේ සිට ආරම්භ කිරමට නියමිතව තිබේ. ඒ ලංකාවට යළිත් බොරතෙල් ලැබීමත් සමගිනි.
Read Moreචීනයේ යුවාන් වැංග් හම්බන්තොට වරායට පැමිණීමට විරුද්ධ වීමට ඉන්දියාව හා ඇමෙරිකාව නිශ්චිත හේතු ඉදිරිපත් කිරීමට අපෙහොසත්වීම හේතුවෙන් එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඊයේ (12දා) අවසර ලබා දී ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින බවත් ආරක්ෂක හේතූන් මත ඔහුට එයින් පිටව නොයන ලෙස පොලිසිය උපදෙස් දී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreදැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවසිය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) තායිලන්ත වේලාවෙන් රාත්‍රී 8.00ට බැංකොක් නුවර වෙත ළඟා වී තිබේ.
Read Moreසෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපති මේ බව සඳහන් කළේය.
Read Moreමේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නැවතී සිටීම වෙනුවෙන් හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා රකයි.
Read Moreවිදුලිය ගාස්තුව සියයට 75ක අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
Read Moreආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය සඳහන් කරමින් ඉන්දියාව විසින් කොළඹට බලපෑම් කිරීම තේරුමක් නොමැති බව චීනය පවසයි. චීනයේ අධි තාක්ෂණික පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැංග් 5 යාත්‍රාව හම්බන්තෙට වරායට පැමිණීමට සූදානම් වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව පැවැසීය.
Read Moreචීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගම වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
Read More