saravita-anim2

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා

TOP STORY - timelapse 3833 hours ago

LATEST

රාජ්‍ය වියදම් අධීක්‍ෂණය කිරීමට පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙක්

calendar_today 2022 සැප් 13 - 17:00 remove_red_eye - 966  

රාජ්‍ය වියදම් අධීක්‍ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙකු පත්කිරීම පිණිස ක්‍රමවේදයක් පිහිටුවීමේ යෝජනාවක් පිළිබඳව සලකා බැලෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසිය.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වවිමින් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන බාහිර මැදිහත්වීම්වලට චීනය විරුද්ධ බවයි.

Read More

කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශිල්ප හදාරන ආධුනික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි සහ පිස්තෝල සමග ඒවාට අවශ්‍ය උණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු පොලිස් ලොරි රථයක් මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ 11 වැනි වංගුව අසල දී පෙරළී ගොස් තිබේ.

Read More

ප්‍රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63-53 ක් ලෙස පරාජයට පත්කරමිනි.

Read More

ඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය. වෛද්‍යවරුන් විදෙස්ගතවීම රටේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බව කී ඔහු රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ තත්ත්වය තදින් බලපනු ඇතැයි ද සඳහන් කළේය.

Read More

මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.

Read More

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ දෙවැනි එළිසබෙත් මහ රැජින මෙලොව හැර ගියාය.

Read More

මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව තිබේ. මීට අමතරම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ. එසේම සමගි ජන බලවේගයේ අරවින්ද කුමාර් මහතාද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාව සහාය දක්වන බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ජැනට් යෙලෙන් මහත්මිය සඳහන් කර ඇත්තේ පැරිස් සමාජයේ මූලධර්මවලට අනුව මෙම සහාය ලබාදෙන බවද ඇය සඳහන් කරයි.

Read More

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.

Read More

ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.

Read More

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.

Read More

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මත විය. එයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි.මන්ත්‍රිවරු 43ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල යළිත් වතාවත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල සංශෝධනය කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

ජී.එල්. පීරිස් මහතාට අමතරව ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ජී. කුමාරසිරි, ගුණපාල රත්නසේකර, උදේනි කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.

Read More

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

ලබන පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට රාජ්‍ය වියදම ට්‍රිලියන 4 ඉක්මවූ විසර්ජන පනත් කෙටුම්පත හෙට (30දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

රාජ්‍ය ආදායම වසරේ මුල් මාස පහ තුළදී සියයට 17.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. 2021 වසරේ මුල් මාස පහ තුළදී රු. බිලියන 630.1 වූ ආදායම 2022 වසරේ මුල් මාස 5 තුළදී රුපියල් බිලියන 811.9 දක්වා ඉහළ ගොස් තිබේ. බදු අනුපාත ඉහළ නැංවීම සහ විශාල සමාගම් සඳහා එක් වරකට අධිභාර බද්ද පැනවීම හේතුවෙන් මෙසේ රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබේ.

Read More

ඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

නමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්.

Read More

හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය. ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.ඩ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.