සැප්තැම්බර් මාසයේදී අලුත් පාර්ලිමේන්තුවක් රැස්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අතර ජනපති මන්දිරයේදී අද (20දා) පැවැති හමුවකදී ඔහු මේ බව දැනුම් දුන්නේය.
එසේම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, නව මැතිවරණ ක්රමයේ කොට්ඨාස ප්‍රමාණය හා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව පිළිබඳව දේශපාලන පක්ෂයන්හි අදහස් ලබාගෙන අවසන් තීරණයක් ගන්නා බවත් ජනපතිවරයා සඳහන් කළේය.