ළමා නිරුවත හා ළමා ලිංගික සූරාකෑමට අදාළ අන්තර්ගතයන් මිලියන 11.6 ක් 2019 ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉවත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කරයි.
ෆේස්බුක් සිය වේදිකාවලින් හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමට දරන වැඩසටහන අනුව මෙම සංඛ්‍යා ලේඛණ නිකුත් කර තිබේ.
මීට අමතරව අල්කයිඩා, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ අන්තර්ගතනයන් 99% කට වඩා ඉවත් කර ඇති බවද ෆේස්බුක් සමාගම නිවේදනය කරයි.
සමස්තයක් ලෙස ගත් කල, සංඛ්‍යාලේඛන වලට අනුව ෆේස්බු සමාගම විසින් පෙර නොවූ ලෙස හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියි.
2019 ජනවාරි සිට මාර්තු දක්වා ළමා නිරුවත හා ළමයින් ලිංගික සූරාකෑමට අදාළ අන්තර්ගතයන් ලෙස ඔවුන් ඉවත් කර තිබුනේ මිලියන 5.8 ක් පමණි.