රොහල්වල නේවාසික රෝගීන් පරීක්ෂාව සඳහා ජංගම දුරකථන යෙදුමක් (mobile app) හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදීන්ගේ සංගමයේ සාමාජික, වෛද්‍ය නිශාන්ත සිරිවර්ධන මහතා පැවසීය.
ඒ අනුව රෝගීන්ගේ තොරතුරු ලේඛනගත කරනු වෙනුවට මෙම ජංගම දුරකථන යෙදුම හරහා යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවසුවේ ඩිජිටල් සෞඛ්‍ය සතිය පිළිබඳ දැනුම්දීමට ඊයේ (03දා) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේ මෙම යෙදුම භාවිත කරන අතර, පළමු අදියරේදී දිවයින පුරා පිහිටි සියලුම ශික්ෂණ රෝහල් වෙත මෙම ජංගම දුරකථන යෙදුම (mobile app) හඳුන්වා දීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.