ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව, වැඩිහිටි බොහෝ දෙනෙකුටද ඇති එක් අභියෝගයක් වන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම බව නොකිවමනායි. බොහෝ විට පාසල් කාලයේදීම ඉංග්‍රීසි බස සම්බන්ධයෙන් අප්‍රියතාවක් වර්ධනය කරගන්නා බොහෝ දෙනෙකු එතැනින් එහාටද ඉංග්‍රීසි බස ඉගෙනීමට උනන්දු නොවන්නේ, ඉංග්‍රීසි යනු ඉගෙනීමට 'අසීරු' භාෂාවක් යැයි සිතමිනි. එනමුත් ඉදිරි තරග විභාගයන් සඳහා පමණක් නොව උසස් අධ්‍යාපන කටයුතු සඳහාද, රැකී රක්ෂා කටයුතු සඳහාද, එදිනෙදා ජීවිතයේ යම් යම් කටයුතු සඳහාද මෙම ජාත්‍යන්තර භාෂාව දැන සිටීම අනිවාර්යය වී ඇත. මේ නිසාම සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා වන විවිධ පාඨමාලාවන්, ඉංග්‍රීසි ස්වයං අධ්‍යාපනය සඳහා වන පොත් පත්, ඕඩියෝ පොත්, මෘදුකාංග සහ ස්මාට්ෆෝන් යෙදුම් විශාල වශයෙන් වෙළෙඳ පොළේ දක්නට තිබේ. එසේ වුවත් වඩාත් සරල, මතකයේ රැඳෙන ආකාරයකින් ඉංග්‍රීසි යූටියුබ් වීඩියෝ හරහා ඉගෙනගත නොහැකිද? ඒ සඳහා දිනකට මිනිත්තුවක් හෝ දෙකක් වැය කිරීම ඵලදායී නොවේද? ඒ සඳහා කදිම පිළිතුරක් සපයන්නේ 'ශුද්ධ වූ ඩික්ෂනරිය' හෙවත් Holy dictionary යූටියුබ් චැනලයයි!
මෙම ‘ශුද්ධ වූ ඩික්ෂනරිය' හෙවත් Holy dictionary යනු බොහෝ විට දිනපතාම නව වීඩියෝවන් එකතුවන යූටියුබ් චැනලයකි. ඔබට මෙම යූටියුබ් චැනලය වෙත සබ්ස්ක්‍රයිබ් වී දිනකට මිනිත්තුවක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළතදී සිත් ඇදගන්නා කතාන්දරයක් නැරඹීමට හැකි වන අතර, එම කතාන්දරය මගින් එක් ඉංග්‍රීසි වචනයක් හෝ දෙකක් හඳුන්වා දීමට කටයුතු කරනු ඇත. සැබවින්ම මෙම කතාන්දරයන් නිර්මාණය වී ඇත්තේ එම ඉංග්‍රීසි වචනය සෑදුණු අයුර මේ යැයි කීමටයි. මෙහිදී සිහිතබා ගත යුත්තේ මෙම කථාන්තරයන් තුළින් දැක්වෙන්නේ එම ඉංග්‍රීසි වචනයන්ගේ සැබෑ මූලය හෝ උත්පත්තිය නොවන බවයි. ඒ වෙනුවට වඩාත් විකාර රූපී, වඩාත් සිත් ඇදගන්නා සුළු ෆැන්ටසිමය ගුණයක්ද සහිත රසවත් කතාන්දරයන් නිර්මාණය කොට, එම වචනයන් උපත ලැබුවේ ඒ ආකාරයෙන් යැයි ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ එම ඉංග්‍රීසි වචන මතකයේ රැඳීම සඳහා වන සුවිශේෂීත්වයක් ඊට ලබාදීමයි. සැබවින්ම විකාර සහගත රසවත් ස්වභාවයක් නිසා හෝ සුවිශේෂි වන යමක් මිනිස් මොළයේ පහසුවෙන් රැඳෙනු ඇත. එනිසා ඔබ සාමාන්‍ය ශබ්ද කෝෂයක් පෙරළා බලා ඉගෙනගන්නා වචනයක් මතකයේ රැඳීමේ සම්භාවිතාවට වඩා, මේ ආකාරයෙන් ඉගෙන ගන්නා වචනයක් මතකයේ රැඳීමේ ඉහළ සම්භාවිතාවක් ඇත.
සැබවින්ම මෙවැනි කතාන්දරයන් මගින් ඉගැන්වීම ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇති ඉගැන්වීම් ක්රමයකි.
මෙම ‘ශුද්ධ වූ ඩික්ෂනරිය' හෙවත් Holy dictionary ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ග්රන්ථ කර්තෘවරයෙකු සහ AMDT විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසින් සේවය කරන නිරන්ජය රත්නායක විසිනි. ඔහු පවසන ආකාරයට මෙම කතාන්දරයන් ඩිජිටල් අවකාශයෙන් මුදවා නුදුරු අනාගතයේදී කෘතියක් බවට පරිවර්තනය කිරීමටද ඔහුට අදහසක් ඇත.
www.youtube.com/c/holydictionary