ෆේස්බුක් ආයතනයේ දකුණු හා මධ්‍ය ආසියා පොදු ප්‍රතිපත්ති අධ්යක්ෂ අංකි දාස් හා ඇයගේ නියෝජිත පිරිසක් විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
මෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව ඔවුන් සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.


