විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන හරහා අපේක්ෂා කරයි.
එහි භූමිය සකස් කිරිමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර ගොඩනැගිලි ඉඳිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මඟ පෙන්වීම යටතේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ලංකාව පුරා තාක්ෂණික උද්‍යාන 05ක් ඉදි වේ.
ඉදිරියේදී කුරුණෑගල , මහනුවර හා උතුරු හා නැගෙනහිරත් මෙවැනි තාක්ෂණික උද්‍යාන පිහිටුවීමට නියමිතය.
මෙම නව තාක්ෂණික ගම්මාන තුළ දේශීය තාක්ෂණයට හා දේශීය නව නිපැයුම්වලට ප්‍රමුඛතාවය හිමිවන අතර ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉඩ සකස් කේන්ද්‍රස්ථාන බවට මෙම නව තාක්ෂණික උද්‍යාන පත්වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.


