ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.
ගූගල් ඉන්දියා සමාගමේ බැංගලොර්හි කාර්යාලයේ සේවය කළ සේවකයෙකුට මෙසේ කොවිඩ් 19 වැළදි තිබේ.
එම සේවකයාත් සමග සමීප සබඳතා පැවැත්වූවන්ට ස්වයං හුදෙකලාවක නිරත වන ලෙස සමාගම දන්වා සිටියි.
