කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.
කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සහ මෑත කාලයේදී විදේශ රටවල සිට පැමිණි පිරිස් සඳහා නිරෝධායනය වීමට රජය සහ සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් නිවේදන නිකුත් කළත්, එයට සම්බන්ධ නොවී මඟහැර සිටින පුද්ගලයන් රැසක් සමාජයේ ජීවත් වන බවද රජය විසින් ප්‍රකාශ කර සිටියි.
එම නිසා එවැනි පුද්ගලයන් පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම ඔබගේත් මගේත් වගකීමකි. එවැනි පුද්ගලයන් පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම සඳහා දුරකථන අංක රැසක් මේ වන විට ලබාදී ඇති අතර, සෞඛ්‍ය අංශ දැනුවත් කිරීම සඳහා නිර්මාණය වූ ජංගම දුරකථන යෙදවුමක් පිළිබඳවද අපට දැනගන්නට ලැබිණි.
'Mankiwwa' නම් මෙම ජංගම දුරකථන යෙදවුම හරහා ඔබට රෝගය වැළඳී ඇති බවට සැක සහිත නම්, රෝගය වැළඳී ඇති බවට සැක සහිත පුද්ගලයන් ඔබ අවට පරිසරයේ සිටී නම් සහ විදේශ රටවලින් පැමිණ නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයන් සිටී නම් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමේ හැකියාව පවතී.
මේ වන විට ගම්පහ සහ කුලියාපිටිය රෝහල් සමග 'Mankiwwa' ජංගම දුරකථන යෙදවුම සම්බන්ධ කර ඇති අතර, කෙටි කාලයක් තුළදී මුළු ලංකාව පුරාම ඇති රෝහල් සමග සම්බන්ධ වීමට මෙම ජංගම දුරකථන යෙදවුම සූදානම්ව සිටියි.
මෙම ජංගම දුරකථන යෙදවුම ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ දුරකථන සඳහා google playstore හරහාද, ඇපල් මාදිලියේ ජංගම දුරකථන සඳහා app store තුළින්ද බාගත කිරීම් සිදු කළ හැක. 'Mankiwwa' නම් මෙම ජංගම දුරකථනය යෙදවුම ගමේ ගැටලු පිළිබඳ ඉතා ඉක්මනින් අදාළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නිර්මාණය වූවකි.