රට තුළ පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජංගම දුරකථන පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා ඒ ඒ සමාගම් විසින් මේ වනවිට ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළෙමු.
විශේෂයෙන්ම ඇඳිරි නීතිය පවතින කාලයේදී ඩේටා හෝ වොයිස් රීලෝඩ් කාඩ්පත් මිලදී ගැනීමට හෝ වෙළෙඳ සැලකට ගොස් රීලෝඩ් කරගැනීමට බොහෝ දෙනෙකුට අපහසුතා මතුවී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මේ ඇඳිරි නීතිය පැනවෙන අවස්ථාවේදී,
මොබිටෙල් සමාගම,
පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සිය ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක M2M විනාඩි 10ක කතා කාලයක් සහ 50MB දත්ත ප්‍රමාණයක් ලබාදී තිබේ. එමෙන්ම දින 14කට වලංගු වන රු.100ක විශේෂ ලෝන් එකක් #247#1717# ඩයල් කර ලබාගැනීමටද පහසුකම් සලසා තිබේ. එහිදී පෙරගෙවුම් වොයිස් හෝ ඩේටා රීචාජ් කිරීමට මොබයිල් සහ ඔන්ලයින් බැංකු පහසුකම් (ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිත කළ හැකිය) හෝ මොබිටෙල් Selfcare App එක හා Datamart App එක භාවිත කිරීමටද අවස්ථාව පවතී.
ඩයලොග් සමාගම,
පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සිය ගිණුමේ මුදල් නොමැති අවස්ථාවක #456# ඩයල් කර රීලේඩ් හෝ ඩේටා ලෝන් එකක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති තිබේ. එමෙන්ම ඔබට අමතර රු.100ක හදිසි අවස්ථා ලෝන් එකක් #007# ඩයල් කිරීමෙන් ලබාගැනීමට පහසුකම් සලසා තිබේ. මීට අමතරව පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා මේ දිනවල රු.349/- ඉක්මවන ඩේටා රීචාජ් කිරීමකදී 100%ක 4G Bonus දීමනාවක් ලබාදී ඇත. මේ සඳහා ඔන්ලයින් ගෙවුම් ක්‍රම භාවිත කළ හැකිය. MyDialog App මෙන්ම, Dialog.lk වෙබ් අඩවිය හෝ eZ Cash හරහාද එම පහසුකම් සැපයෙන අතර, ඔබේ මොබයිල් හෝ ඔන්ලයින් බැංකු පහසුකමද ඊට ඉවහල් වනු ඇත. මෙහිදී ඩයලොග් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සිය වොයිස් හෝ ඩේටා රීචාජ් සඳහාද මෙම ඔන්ලයින් ගෙවීම් ක්‍රමවේද භාවිත කිරීමේ පහසුකම් සලසා තිබේ.
හච් සමාගම,
ඇමතුම් ලබාගැනීමට දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාවක් පිරිනමා තිබේ. මෙම සහන රීලෝඩ් දීමනාව එනිටයිම් ඩේටා, ජාලගත ඇමතුම් හා SMS සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී. *288# අංකනය කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙම සහන රීලෝඩ් දීමනාව ලබාගත හැකිය. එහිදී හච් සමාගම විසින්ද සිය පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා වොයිස් හෝ ඩේටා රීචාජ් කිරීමට ඔන්ලයින් බැංකු පහසුකම් හඳුන්වාදී ඇති අතර, hutch.lk වෙබ් අඩවිය ඊට පහසුකම් සලසා තිබේ.
මෙම ජංගම දුරකථන සමාගම් විසින් ලබාදී ඇති සියලුම පහසුකම් අදාළ කොන්දේසිවලට යටත් වන අතර, මේ පිළිබඳ වැඩිදුර විස්තර Mobitel : 0712 755 777 හෝ 1717 අංක, Dialog : 0777 123 456 හෝ 1777 අංක, Hutch : 1788 ක්ෂණික අංකය අමතා ලබාගත හැකිය.