ලබන මස වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකි වෙනු ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනය
“2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.”
