සාමාන්‍යයෙන් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම නිෂ්පාදනය වන, වඩාත් ප්‍රබල දෘඪාංග හැකියාවන්ගෙන් යුක්ත ඩෙක්ස්ටොප් වේවා, ලැප්ටොප් වේවා ගේමින්ග් පරිගණකයන්ගේ හැඩහුරුකම් සහ නිමාව සෑම විටකම අනෙකුත් පරිගණක උපාංගයන්ගෙන් පැහැදිලිව කැපී පෙනෙනා බව සත්‍යයකි.
සෑම විටකම මෙම පරිගණක ක්‍රීඩා වෙනුවෙන් වූ ගේමින්ග් පරිගණකයන් වඩාත් හැඩි දැඩි අයුරින් නිර්මාණය වන අතර, මේවා සිහින්, හුරුබුහුටි නිමාවට වඩා ප්‍රබලත්වය සහ කාර්යක්ෂමතාවය වෙත මුල් තැන් දී නිර්මාණය වන යන්ත්රයන් වන බැවින් එය පිළිගත යුතු වර්ධනයකි. එසේම පරිගණක ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය ග්‍රහණය කර ගැනීම හෝ වෙනත් එවැනි හේතුවක් නිසාවෙන් මෙම යන්ත්රයන් වඩාත් අධි තාක්ෂණික හැඩහුරුකම් සහිතව නිර්මාණය වේ. වර්තමානය වනවිට වඩාත් සිහින්, හුරුබුහුටි ගේමින්ග් ලැප්ටොප් උපාංගයන් නිර්මාණය වුවද, ඉහත කියූ ආකාරයට අනාගතයෙන්
පැමිණි ලෙසින් පෙනී යන අධි තාක්ෂණික හැඩහුරුකම් සෑම ගේමින්ග් ලැප්ටොප් උපාංගයකම පාහේ පොදුවේ දක්නට ඇති ලක්ෂණයක් වේ.
මෙවැනි පසුතලයකදී ASUS සමාගම මගින් අනාගතයෙන් පැමිණි අභ්‍යවකාශ යානාවක් ලෙසින් බැලූ බැල්මට පෙනී යන නව ගේමින්ග් ලැප්ටොප් උපාංගයක් නිර්මාණය කොට ඇත. එසේම ඔවුන් එයට ASUS ROG Mothership යනුවෙන් නම් තැබීමටද කටයුතු කොට ඇත!
ඉහතින් කියූ ලෙසට වර්තමානයේ වන ගේමින්ග් ලැප්ටොප් උපාංගයන් වඩාත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි, සිහින් හා හුරුබුහුටි උපාංග ලෙසින් නිමැවීමට සෑම ලැප්ටොප් සමාගමක්ම පාහේ උනන්දු වන නමුත්, ASUS සමාගම මගින් සිය ROG සන්නාමය යටතේ එළිදැක්වෙන මෙම ASUS ROG Mothership නවතම ගේමින්ග් ලැප්ටොප් නිර්මාණයේදී එම සිහින්, හුරුබුහුටි විලාසිතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනී යයි. එය වඩාත් හැඩි දැඩි, විශාල යන්ත්‍රයක් වන අතර, සැක කළ හැකි ආකාරයටම එය හුදු ගේමින්ග් ලැප්ටොප් පරිගණකයකට එහා ගිය යන්ත්‍රයක් ලෙසින් නිර්මාණය කොට ඇති බව පෙනී යයි.
සාමාන්‍යයෙන් ලැප්ටොප් උපාංගයක් නිර්මාණය කිරීමේදී එහි දෘඪාංගයන් සියල්ලම අන්තර්ගත වන්නේ යතුරු පුවරුවට යටින් වන අතර, තිර පැනලය වඩාත් සිහින් වේ. කෙසේ වෙතත් මෙහිදී අපට දක්නට ලැබෙන්නේ ටැබ්ලට් -ලැප්ටොප් දෙමුහුම් උපාංගයන්හි මෙන් තිර පැනලය පසුපස සමස්ත පරිගණක යන්ත්රයම අඩංගු කර ඇති නිර්මාණයකි. එම නිසා විය හැකි පරිද්දෙන්ම තිරය සහිත ලැප්ටොප් උපාංගයේ ඉහළ කොටස වඩාත් හැඩි දැඩි ස්වභාවයක් ගෙන ඇති අතර, යතුරු පුවරුව අවශ්‍ය විටක ලැප්ටොප් උපාංගයේ ඉහළ කොටසින් වෙන් කොට වෙනම භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත. වෙනත් ලෙසකින් පවසන්නේ නම් ඔබට ASUS ROG Mothership ගේමින්ග් ලැප්ටොප් උපාංගය සමගින්, ඩෙක්ස්ටොප් ගේමින්ග් පරිගණකයක සේම යතුරු පුවරුව ඉවත් කොටගෙන තිරයේ සිට සුවපහසු දුරකින් සිට ක්‍රීඩා කිරීමට හැකියාව
ලැබී ඇත.
සාමාන්‍යයෙන් ලැප්ටොප් පරිගණකයක තිරය යතුරු පුවරුව සහිත පහළ කොටස ආධාරයෙන් සිටුවා තැබෙන මුත්, මෙහි තිරය සිටුවා තැබීම සඳහා Kickstand යාන්ත්‍රණයක් තිරය පසුපස අන්තර්ගත කොට ඇත.
මේ නිසා ඔබට සුවපහසු කෝණයකට තිරය සකසා ගැනීමද ගැටලුවක් නොවනු ඇත.
මෙහි දෘඪාංග හැකියාවන් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නම්, ASUS ROG Mothership GZ700 පරිගණකයේ අඟල් 17.3ක FHD IPS-level තිර පැනලයක් තිබේ. මෙහි Intel® Core™ i9-8950HK ප්‍රොසෙසරයක් අන්තර්ගත වන අතර, Windows 10 Home හෝ Windows 10 Pro යන මෙහෙයුම් පද්ධති දෙක අතුරින් ඔබට තෝරාගැනීමක් සිදුකළ හැක. මෙහි ග්‍රැෆික් බලගැන්වුම සඳහා ගිගාබයිට් 8ක NVIDIA® GeForce RTX™ 2080 GDDR6 VRAM ග්‍රැෆික් කාඩ්පතක් තිබේ. එසේම ගිගාබයිට් 64ක උපරිමයක් දක්වා වන DDR4 2666MHz SDRAM රැම් මතකයක්ද මෙහි ඇතුළත් කළ හැකි අතර, ගිගාබයිට් 512ක SSD මතක ධාවකයන් තුනක් දක්වා මෙහි ඇතුළත් කිරීමට හැකියාව ඇත. එසේම මෙහි ස්ථාපනය කළ ද්විතියික ග්‍රැෆික් ප්‍රොසෙසරයක්ද ඇති අතර, ඔබට පරිගණක ක්‍රීඩා හෝ එවැනි ඉහළ ග්‍රැෆික් දෘඪාංග හැකියාවක් අවශ්‍ය නොවනා කටයුතු සිදුකිරීමේදී මෙම ද්විතියික ග්‍රැෆික් ප්‍රොසෙසරය යොදාගැනීමට හැකියාව ඇත. මෙම ග්‍රැෆික් කාඩ්පත් අතර මාරු වීම ඔබට සරලව එක් බොත්තමක් මගින්
ඉෂ්ට කරගත හැකි අතර, ඒ
ඔස්සේ ඔබට පරිගණක ක්‍රීඩා නොකරන මොහොතකදී ASUS ROG Mothership ලැප්ටොප් උපාංගයේ බැටරි බලය සැලකිය යුතු ලෙසින් රැක ගැනීමට අවකාශ ලැබෙනු ඇත.
මෙහි රැහැන් රහිත සම්බන්ධතාවයන් ලෙස Intel® Wi-Fi සහ Bluetooth® 5.0 හැකියාවන් ඇත. එසේම මෙහි USB3.1 Gen2 (Type-C) හෝ Thunderbolt 3 පෝට් එකක්, USB3.1 Gen2 (TypeC) හෝ VirtualLink පෝට් එකක්, USB3.1 Gen1 (Type A) හෝ USB charger + HDMI 2.0 පෝට් එකක් ලෙසින් තෝරාගැනීමට හැකියාව ලබාදී ඇති අතර, ඊට අමතරව USB3.1 Gen2 (Type-A) පෝට් 3 ක් ද ඇත. මීට අමතරව 3.5mm headphone and microphone combo jack, 3.5mm microphone jack, RJ-45 jack, SD card reader, Kensington lock යන ද්වාරයන්ද ලබාදී ඇත. මෙහි යතුරු පුවරුව ගලවා ඉවත්කළ පසුව රැහැන් රහිත සම්බන්ධතාවය ඔස්සේ හෝ රැහැන් සහිත සම්බන්ධතාවය ඔස්සේ ක්‍රියාත්මක කළ හැකි අතර, මෙම යතුරු පුවරුව සඳහා Per-key Aura Sync RGB backlighting හැකියාව ලබාදී ඇත. මෙහි මයික්රෆෝනයක් සහ Smart Amp තාක්ෂණය සහිත 4W ස්පීකර් 4ක පද්ධතියක්ද ඇතුළත් වේ.
මෙහි ප්‍රබල ග්‍රැෆික් කාඩ්පතින් ඕනෑම නවීන AAA කාණ්ඩයේ වූ ඉහළ ශක්‍යතාවයන් ඉල්ලා සිටිනා පරිගණක ක්‍රීඩාවක් අත්විඳීමට පරිශීලකයාට අවකාශය සපයා දෙනු ඇත. එසේම මෙහි G-Sync තාක්ෂණය සමගින් පැමිණෙන තිර පැනලය මගින් සුපැහැදිලි, තාත්වික දසුන් සමගින් වඩාත් ඉහළ පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
එසේම මෙහි ESS Sabre DAC සමගින් පැමිණෙන සිවු ස්පීකර පද්ධතිය මගින් ඔබට හෙඩ්ෆෝන් රහිතව වුවත් ඔබේ පරිගණක ක්‍රීඩාව අතරතුරදී වඩාත් තාත්වික ශ්‍රව්‍ය අත්දැකීමක් ප්රදානය කරනු ඇත. එසේම ASUS සමාගම පවසන ආකාරයට මෙහි ඇති වෝල්ට් 12ක ද්විත්ව සිසිලන පංකා පද්ධතිය මගින් වඩාත් කාර්යක්ෂම ලෙසින් ASUS ROG Mothership යන්ත්‍රය තුළ සිසිලන ක්‍රියාවලිය පවත්වාගෙන යනු ඇත. එසේම මෙහි ප්‍රධාන සැකසුම් ඒකකය සහ ග්‍රැෆික් සැකසුම් ඒකකය ආවරණය කරනා සුවිශේෂී ආවරණයක් ඔස්සේ, මෙම ප්‍රබල යන්ත්‍රය මගින් ජනනය කරනා තාපය මගින් එම ඒකකයන්ට කිසිදු බලපෑමක් සිදුනොවනා බවට තහවුරු කර ඇති බවද නිෂ්පාදකයින් වැඩිදුර පවසා සිටී.
මෙහි බැටරියේ ප්‍රබලත්වය හෝ කෙතරම් පැය ගණනක් පුරාවට එක් ආරෝපණයකින් ASUS ROG Mothership පරිගණකය ක්‍රියාත්මක කළ හැකි වේද යන කරුණු සම්බන්ධයෙන් තවමත් පැහැදිලිව දැන ගැනීමට නැතත්, ඔබට සිත නිදහසේ මේ ඔස්සේ පරිගණක ක්‍රීඩා කිරීමට නම් බල සැපයුමක් අත ළඟ තිබිය යුතු බව අපට අනුමාන කළ හැක. මන්දයත්, කෙතරම් විශාල බැටරියක් මේ සඳහා සපයා තිබුණත්, මෙහි සඳහන් වන ප්‍රබල දෘඪාංගයන් ක්‍රියාත්මක වනවිට බැටරියේ ආරෝපණය ශීඝ්‍රයෙන් ක්ෂය වීම නොවැළැක්විය හැකි බැවිනි. ඇතැම් විට ඒ සඳහා වෙනත් තාක්ෂණික උපයෝගීතාවයන් නිෂ්පාදකයින් විසින් යොදාගෙන තිබෙනවා විය හැක.
පැතුම් පුංචිහේවා