පසුගිය දිනක ඉන්ස්ටග්‍රෑම් ඇතුළත සංසරණය වන ඡායාරූපයක දකින්නට ලැබෙන්නේ අතිදක්ෂ ෆුට්බෝල් ක්රීකඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වුවත්, බොහෝ දෙනෙකු මෙම ඡායාරූපය නැරඹීමේදී ක්ෂණිකවම ඇහැ යොමුකරන්නේ ඔහුගේ අතේ ඇති ස්මාට්ෆෝනයට බව කිව යුතුයි. එයට හේතුව මෙම ස්මාට්ෆෝනයේ ඇති සුවිශේෂී පෙනුමය.
මෙම ස්මාට්ෆෝනය කුමක්ද කියා සොයනා බොහෝ දෙනෙකුට දැනගන්නට ලැබෙන්නේ එහි සන්නාමය වන්නේ ZTE Nubia වන බවයි. සැබවින්ම නිරන්තරයෙන් අසා පුරුදු ස්මාට්ෆෝන් සන්නාමයක් නොවුවද, මෙය එහි මවු රට වූ චීනය තුළ පස්වැනි තැනට විශාලතම ස්මාට්ෆෝන් ව්‍යාප්තිය පෙන්වනවා යැයි කීමම එහි තත්ත්වය සම්බන්ධයෙන් මනා ප්‍රකාශයක් වනු ඇත.
එසේම මෙම 'ZTE Nubia M2' ස්මාට්ෆෝනය ශ්‍රී ලංකාව තුළද මිලදී ගැනීමට හැකියාව ඇති බවද කිව යුතුයි.
අඟල් 5.5ක තිරයක් ඇති 'ZTE Nubia M2' ස්මාට්ෆෝනයේ මුළු උස අඟල් හයකට වඩා වැඩිවේ. Qualcomm Snapdragon 625 චිපයක් සහිත Octa-core 2.0 GHz Cortex-A53 ප්‍රොසෙසරයක් මෙහි අඩංගු වේ. ගිගා බයිට් 64ක ප්‍රධාන මතකයක් සහ ගිගාබයිට් 4ක රැම් අගයක්ද මෙම ස්මාට්ෆෝනයේ අන්තර්ගත වේ. එසේම බාහිරින් මතකයන් ඇතුළත් කිරීමේ හැකියාවත් මෙය සතුයි.
ප්‍රධාන කැමරා දෙකක් මෙහි සහිත පසුපස කැමරාව Dual 13 MP, f/2.2, autofocus, dual-LED (dual tone) flash හැකියාවන් සමගින් අන්තර්ගත වේ. එයට අමතර විශේෂාංග ලෙස 1/2.9” ප්‍රමාණයේ සෙන්සරය (1.25 µm pixel size), geo-tagging, touch focus, face detection, HDR, panorama වැනි පහසුකම් දැක්විය හැකිය. මෙහි වීඩියෝ පටිගත කිරීමේ ගුණාත්මකභාවය 2160p@30fps ලෙස දැක්වේ. මෙහි ඉදිරිපසට මෙගාපික්සල් 16ක කැමරාවක්ද අඩංගුය.
Fingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass යන සෙන්සරයන් සමගින් එන මෙහි වේගවත් චාජින් පහසුකම් සහිත Type-C 1.0 reversible connector එකක් ලෙස ක්‍රියාත්මක වන USB On-The-Go පෝට් එකක් දක්නට ලැබේ. Non-removable Li-Po 3630 mAh බැටරියක්ද මෙහි අඩංගු අතර, එය දින දෙකකට ආසන්නව බැටරි බලය පවත්වා ගන්නට උදව්වක් වනු ඇත.
කළු සහ රන් පැහැය රැගත් එක් වර්ණ සංයෝජනයකුත්, ෂැම්පේන් වර්ණය සහ රන් පැහැය රැගත් වර්ණ සංයෝජනයකුත් සහිත සංස්කරණ දෙකකින් මෙම ස්මාට්ෆෝනය දක්නට ලැබේ. වෙළෙඳ පොළ තුළ පවතින තරගකාරී මහා සන්නාම සහිත ස්මාට්ෆෝන්වලට වඩා අඩු මිලකට මෙම උපාංගය මිලදී ගැනීමේ හැකියාවක් ඇත.