YU සමාගම කලක් තිස්සේ ස්මාට්ෆෝන් නිපදවීමේ යෙදී සිටියද මෙතෙක් කල් මගහැර සිටි ෆ්ලෑග්ෂිප් උපාංගයක් නිපදවීමට වර්තමානයේ ඔවුන් සමත්ව තිබෙනවා. ඇලුමිනියම් නිමැවුමකින් සහ තිරයට Pure Black තිර ආරක්ෂාවකින් සුසැදිව මනා හැඩයකින් නිකුත්වන මෙම උපාංගය, අඟල් 5.2ක QHD LCD තිරයකින් සමන්විතව එයට Corning Gorilla තිර ආරක්ෂණ වීදුරුවකින් ආරක්ෂාව සලසා ඉදිරිපත් කරයි.
Qualcomm Snapdragon 810 වර්ගයේ ප්‍රොසෙසරයකින් බලගන්වා 4GBක DDR4 RAM අගයක් සහ 32GBක අභ්‍යන්තරික මතක ධාරිතාවක් සමග මතක චිප හරහා මතකය ධාරිතාව ඉහළ නැංවිය හැකි ලෙස මෙම උපාංගය ඉහළ නංවා ඇත.
ඇඟිලි සලකුණු වෙනුවෙන් වන ස්පර්ෂ සංවේදකයක උපාංගයේ පසුපස අන්තර්ගත අතර ඒ හරහා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සෙල්ෆී ගැනීමේ හැකියාව ඉහළ නංවා ඇත. DTS audio support මගින් බලගන්වා Little Birds earphones සමග නිකුත් කරන මෙම උපාංගය තාක්ෂණයෙහි නව විප්ලවයක් කරනු ඇත.
Cyanogen OS 12.1 මගින් බලගැන්වෙන මෙම උපාංගය Android 5.1 Lollipopට සමානව දිවෙන අතර, එය ඊට සමගාමීව Android 6.0 Marshmallow තෙක් වර්ධනය වනු ඇත.21 megapixel Sony IMX230 කැමරාවක් සියලු විශේෂාංග සහිතව අන්තර්ගත අතර ඉදිරිපසට 8 megapixel කැමරාවක් අන්තර්ගතය.
3,000mAh බලැති බැටරියකින් සන්නද්ධ මෙම උපාංගය Qualcomm QuickCharge 2.0 පහසුකමින්ද සන්නද්ධ නිසා පහසුවෙන් සහ වේගයෙන් බලැන්වෙනු ඇත.
දැනට ඉන්දියානු වෙළඳ පොළ තෙක් නිකුත් කර ඇති මෙම උපාංගය තවමත් ශ්‍රී ලංකාව තුළ සොයා ගැනීමට අපහසු මුත් එළැඹෙන 26දා සිට වෙළඳපොළට නිකුත් කරන මෙය මිලදී ගැනීමට උවමනා තරම් ක්‍රමවේද ඔබට අනතර්ජාලයෙන් සපයා ගත හැක. එසේම මින්පෙර Yuගේ නිෂ්පාදනයක් වූ Yureka හි සාර්ථකත්වයද මෙම උපාංගයට වාසියක් වනු ඇත.
තොරතුරු: http://www.gsmarena.com/