මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නිකුත් කළ වින්ඩෝස් 10 මොබයිල් හි යෙදුම් ස්ථාපනයේදී සිදුවන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ වින්ඩෝස් ෆෝන් හිමියන් අපහසුතාවයට පත්ව සිටියේය. මෙම අර්බුදයට ඉතා ඉක්මනින් සාර්ථක විසඳුමක් ගෙනෙන්නට වින්ඩෝස් සමාගම සූදානමින් සිටී. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ක්‍රමලේඛන කළමනාකාර බ්‍රැන්ඩන් ලීබ්ලෑන්ක් ඒ බව ස්ථීරව පැවසීය.
ට්විටර් හරහා පරිශීලක පැණයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා තිබිණි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් මොබයිල් නිෂ්පාදනය මේ වනවිටත් නවතා දමා ඇති අතර, එසේ වූ පමණින් එය පරිශීලනය කරන්නන් අර්බුදයට ලක්වීමේ ගැටලුවෙන් මිදෙන්නට ඔවුන්ට හැකියාව නොමැත.
පසුගිය අප්‍රියෙල් මස අග ගත් තීරණයකට අනුව ජුනි මාසය අග වනවිට වින්ඩෝස් ෆෝන් නිෂ්පාදනය නවතා දමන්නට වූ සමාගමේ තීරණය අන්තර්ජාලය හරහා සමාජගත විය. ඇතැමුන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කැමත්තකින් භාවිතා කළ අතර, මේ පිරිස තවමත් තමන් සතු උපාංගයෙන් යාවත්කාලීන නොවී සිටින්නට වග බලාගෙන ඇති බව මෙම නවතම අර්බුදය පැණ නැගීමත් සමග අපට වැටහේ.
http://www.express.co.uk/