සෝනි ස්මාට්ෆෝනයන්ට බොහෝදෙනා කැමති වෙන්නේ එහි අවසන් නිෂ්පාදනයේ ඇති ආකර්ෂණීය පෙනුම සහ එහි කැමරාව ඇතුළු අනෙක් කරුණු එක්ව මවන ආස්වාදය නිසාවෙනි. මෙය ජුනි මාසයේ නිකුත් වනු ඇති බව ප්‍රකාශ කෙරුණේ පසුගිය මැයි මාසයේදීය. මෙය තනි සම්පතක් හෝ ද්විත්ව සිම්පත් භාවිත කළහැකි ලෙස සංස්කරණ දෙකකින් පැමිණෙනු ඇත.
IPS capacitive touch screen වර්ගයේ තිරයක් මෙහි අඟල් 5.0ක් පුරා අඩංගු වෙයි. ඇඟිලි හතරක් දක්වා භාවිත කරමින් මල්ටිටච් පහසුකම මේ හරහා ඇති කරවයි. Quad-core 1.3 GHz Cortex-A53 වර්ගයේ ප්‍රොසෙසරයක් එහි අඩංගුයි.
ගිගාබයිට් 256ක් දක්වා මෙයට බාහිරින් මතකය අන්තර්ගත කළ හැක. අභ්‍යන්තරිකව ගිගාබයිට් 16ක් දක්වා ඇති මෙහි ගිගාබයිට් 1.5ක රැම් අගයක්ද අන්තර්ගත කර ඇත.
මෙගා පික්සල් 16ක ප්‍රධාන කැමරාවත්, ද්විතියික ලෙස ඉදිරිපසින් ඇති මෙගා පික්සල් 5ක කැමරාවත් මෙහි කැමරා පද්ධතිය ශක්තිමත් කරයි.
තොරතුරු තාක්ෂණයේ නව ප්රවණතා සමග මෙන්ම විනෝදාස්වාදය වෙනුවෙන්ද මෙම ස්මාට්ෆෝනය එකසේ උපයෝගී වනු ඇත. නුදුරේදී නිකුත් වනු ඇති මෙම ස්මාට්ෆෝනය බොහෝ සෝනි රසිකයන්ට විශාල අස්වැසිල්ලක් ගෙනෙනු ඇත.