Samsung Galaxy S8 නිකුත්වීමත් සමග සැම්සුන්ග් සමාගම වෙතින් තරමක් දුරස් වෙමින් තිබූ තාක්ෂණික ලෝලී අවධානය නැවත දිනාගන්නට ඔවුන් සමත් වෙනවා.
ඇසට දකින පලමු දසුන ලෙසින් ගත්කළ මනරම් ස්මාට්ෆෝනයක් බව කිවහැකි වගේම ඉහළ පෙළේ දුරකතන භාවිතා කිරීමේ අවශ්‍යතාවය ඇත්තෙකුට කදිම වෙළඳභාන්ඩයක් ලෙසින්ද දැක්විය හැකියි.
Super AMOLED capacitive touchscreen වර්ගයේ තිරය අඟල් 5.8 ක් පුරා විහිදී ඇති අතර. උපාංගය මහතට වඩා උසින් යුක්ත නිසා ග්‍රහණයට අපහසුවක් නොවුනත් තරමක් විශාල අතක් අහිමි අයෙකුට පාලනයේදී යම් අපහසුවක් දැනෙන්නට ඉඩ තියෙනවා. වක් වුනු ස්පර්ශ සංවේදක තිරය වැඩි අගයක් ඊට එක් කරනවා. Corning Gorilla Glass 5 ආරක්ෂාවෙනුත් තිරය සන්නද්ධයි.
අති ප්‍රබල Snapdragon 835 ප්රෙෙසසරය ඔබේ බොහෝ වැඩකටයුතු කිසිඳු හිරවීමකින් තොරව පහසුවෙන් සිදුකරන්නට සමත්. අනාගතයේ එන්න තියෙන තාක්ෂණයන්ටත් මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මෙම ප්‍රොෙසසරය ඉහළින්ම තැබිය හැකියි.
මෙගාපික්සල් දොළහක් ලෙසින් කාච ප්‍රබලත්වය දැක්වුනත් එහි රූප වඩා සාර්ථක වන්නේ විශේෂ සෙන්සරය නිසායි.. f/1.7, 26mm, phase detection autofocus, OIS, LED flash, සමගිනුයි කැමරාව අන්තර්ගත වෙන්නෙ. 1.4 µm pixel size, geo-tagging, simultaneous 4K video සහ 9MP image recording, touch focus, face/smile detection, Auto HDR, panorama විශේෂාංග ඊට අමතරව කැමරා පද්ධතියට සම්බන්ධ වෙනවා.
බැටරිය Li-Ion 3000 mAh බැටරියක් වීම තරමක ප්‍රශ්නයක් විය හැක්කේ මේ තරම් වැඩකටයුතු රාශියක් සිදු කළ හැකි ස්මාට්ෆෝනයක් හා මිනිසුන් වැඩි වේලාවක් බැඳී සිටින නිසායි. එසේම මෙය ප්‍රමාණයෙන්ද විශාල නිසා මේ තුළ බළැති බැටරියක් සවිකිරීමේ හැකියාව හොඳකාරවම තිබූ බවත් කිවයුතුයි.
එක් ප්‍රධාන ප්රශ්නය තමයි ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරයේ පිහිටුම දැක්විය හැකියි. එය පිහිටන්නේ කැමරාවට දකුණු පසින්. කැමරාවට පහලින් තිබුනානනම් පහසුවෙන් සංවේදනය කිරීමේ හැකියාව තිබුනත්, මේ පිහිටුමත් සමග තරමක ආයාසයක් ඒ වෙනුවෙන් දරන්නට සිද්ධ වෙනවා.
Iris scanner නව සෙන්සරයත්, fingerprint, accelerometer, gyro, proximity, compass, barometer, heart rate, SpO2 කියන සෙන්සර වර්ග අතරේ හිමිකරුවාගේ ඇසින් ඔහු හඳනා ගැනීමේ අයිරිස් තාක්ෂණය ප්‍රබල වෙනසක් ඇතිකරනවා. ඒ වගේම ඇපල් ආයතනයේ සිරීගේ ප්‍රධාන තරගකරුවා වෙන ගූග්ල් ඇසිස්ටන්ට්ට විකල්පයක් විදියට සැම්සන්ග් බික්ස්බී නිපදවනවා. මේ සියල්ල සමග ගත්කළ මෙය තවත් දිගු කාලයක් ස්මාට්ෆෝන් ලොව රජ කිරුල සැම්සන්ග් තුළ තබන්නට සමත් වෙන බව කිව හැකියි.