අතිවිශිෂ්ට රූප සපයන රෙඩ් කැමරාව නිෂ්පාදනය කරන සමාගම විසින් Hydrogen One නමින් උසස් ඝනයේ වෙනස් හැඩයක ස්මාට්ෆෝනයක් නිපදවනු ලබනවා. එය තවමත් නිෂ්පාදනය කර නැති මුත් එය ආදර්ශක ත්රිත්වයක් දැනටත් සකසා අවසන්. ඒ සියල්ල ඔබට මට බැලීමට අවසර නැතත් ප්රකට යූටියුබර් කෙනෙකු වන MKBHD චැනලයේ හිමිකරු මාකස් බ්රවුන්ලී හට අවස්ථාව උදාවී තිබෙනවා.
ඔහු විසින් එම ත්රිත්වය දක්වන විචාරයේ සඳහන් කරුණු ඇසුරෙන් මෙම සටහන ලියැවෙයි. වීඩියෝවේ දැක්වෙන ප්රොෙටා්ටයිපයන් කිසිවක් නිසියාකරව ක්රියාකරන හයිඩ්රජන් වන් උපාංග නොවන අතර ඒවායින් උපාංගයේ පෙණුම පිළිබඳ අදහසක් ලබාගැනීමේ හැකියාව ඇත. මනා ලෙසින් අතට ග්රහණය වන ලෙස සකසා ඇති මුත් මෙම උපාංගය තරමක් විශාල ස්මාට්ෆෝනයක් ලෙසින් දැක්විය හැකියි. සංසන්දණයක් ලෙසින් සඳහන් කළහොත් එය ඇපල් අයිෆෝන් 7 ප්ලස් උපාංගයට වඩා විශාල උපාංගයකි.
Hydrogen One උපාංගයේ ප්රමුඛතම විශේෂාංගය වන්නේ එහි හොලෝග්රැෆික තිරයයි. එය ත්රිමාණ රූපයක් සහිතව දර්ශන දැකිය හැකි, ඔබට හුරුපුරුදු ද්විමාණ දර්ශනයෙන් ඔබව මුදවන තිරයකි. එසේම එහි කැමරා මාණයක්ද වෙයි. එය උපාංගයටම එක්කර ඇත. එය ඔබේ ස්මාට්ෆෝනයේ කැමරාව අද්විතීය තත්ත්වයකට උසස් කරනු ඇත.
අදාළ වීඩියෝව - https://youtu.be/tQzqFbwWPSk