Kickass Torrents යනු ලොව පුරා විසිරී සිටින අන්තර්ජාලය භාවිත කරන ප්රජාව විසින් නිතර ප්රයෝජනයට ගන්නා නීති විරෝධී ටොරන්ට් නිකුත් කරන වෙබ් අඩවියක්. එය මෙහෙයුමේ යැයි සැකකරන යුක්රේන ජාතික ආටම් වෝලින් නම්වූ තිස් වියැති පුද්ගලයා අද දිනයේ පෝලන්තයේදී අත්අඩංගුවට ගන්නට ඇමෙරිකාව සමත්ව තිබෙනවා. ප්රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමේ වරදට සහ මුදල් විශුද්ධිකරණයේ වරදට අපරාධකරුවෙකු ලෙස සැකකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. එසේම චිකාගෝහි ෆෙඩරල් උසාවියක් විසින් මෙම KAT ඩොමේන අත්හිටුවන්නට නියෝගද ලබාදී තිබෙනවා.
KickassTorrents (KAT) යනු දිනකට මිලියනයක පමණ පරිශීලකයන් ගොඩවන ලොව වැඩිම පිරිසක් එක්වන ටොරන්ට් වෙබ් අඩවියයි. එය The Pirate Bay වෙබ් අඩවියේ හිටිස් ප්රමාණයත් ඉක්මවා යෑමක් ලෙස දැක්විය හැකියි. කෙසේ හෝ චිත්රපට, මෘදුකාංග, ටෙලිවෘත්තාන්ත, ගේම් ආදිය භාගත කිරීමට භාවිත කරන එමගින් මේ වන විට සොරාගෙන ඇති පිටපත් අයිතීන්වල ආසන්න වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන බවද පැවසෙයි. පෝලන්තයේදී අල්ලා න්නා ලද ආටම් වෝලින් ඇමෙරිකානු හමුදාව විසින් භාරගැනීමට නියමිතය.
එසේම හෙළිවන වැඩිදුර තොරතුරුවලින් පැවසෙන්නේ ඇපල් සමාගම විසින් මෙම සැකකරු පිළිබඳ තොරතුරු ලබාදුන් බවය. ඒ KAT හි ෆේස්බුක් අඩවියට ඇතුළුවීමට ඔහු භාවිත කළ IP Address ලබාදීමෙනි. KickassTorrents හා අනුබද්ධ බැංකු ගිණුමද අත්හිටුවා ඇත.
මින් පෙර කිහිපවතාවකද සිදුවූ බලපෑම්වලින් පැනගිය ඔහු මෙවර හසුව ඇත. ඒ නිසා මේව විට Kat.cr වෙබ් ලිපිනය වලංගු නැත.