Apple සමාගම අද (05දා) පැවසූයේ සිය ප්‍රොසෙරයන්ගේ දෝෂයන් දෙකක් iOS සහ Mac උපාංග වෙත බලපෑ බවයි. එය Apple වොච්වලට බලපා නැති මුත් අනෙකුත් සෑම iOS සහ Mac උපාංගයක් වෙතම පාහේ එය බලපාන්නට ඇති බවය. ඒ අනුව මේ වනවිට නව මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක් එම උපාංග වෙත එවා ඇති අතර හැකි ඉක්මනින් අදාළ උපාංග නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසද දන්වා සිටියි.
ඊයේ (04දා) දිනයේ වූ බලපෑ Spectre සහ Meltdown දෝෂ දෙක උපාංග බිලියනයකට අධික ප්‍රමාණයකට බලපා ඇති බව කියැවෙන අතර, මෙම දෝෂ දෙකෙන් ප්‍රයෝජන ගෙන විශාල ලෙස පෞද්ගලික දත්ත පිටතට ඇදීමක් දක්වා හැකර් ප්‍රහාරයක් දියත් වීමට පෙර ඔබේ උපාංග නියමිත දින දක්වා යාවත්කාලීන කිරීම වඩා යෝග්‍යය.
දැනට Intel සමාගමෙන් නිෂ්පාදිත චිප් පද්ධති තුළ පමණක් දැකිය හැකි වන Meltdown දෝෂය නිවාරණයට iOS 11.2, macOS 10.13.2, සහ tvOS 11.2 යන යාවත්කාලීනයන් Apple සමාගම නිකුත් කර ඇති අතර Spectre වෙත මුහුණදීමට හැකි යාවත්කාලීනයන් Safari බ්‍රවුසරය හරහා නුදුරේදීම නිකුත් කරනු ඇත.
මෙම දෝෂවලින් ප්‍රයෝජන ගෙන අවභාවිතාවක් කරන්නට හැකියාව ඇති වන පරිදි අත්තනෝමතික ක්‍රමවලින් මෘදුකාංග හා යෙදුම් බාගත කිරීම සහ ස්ථාපනය නවතන ලෙසත්, ඒ වෙනුවෙන් App Store පමණක් භාවිත කරන ලෙසත් Apple සමාගම දන්වා සිටියි.
Microsoft, Amazon සහ Google යන සමාගම් ද Intel භාවිත කරන උපාංග වෙනුවෙන් සිය යාවත්කාලීනයන් මේ වනවිට නිකුත් කර ඇත. එසේම මෙම යාවත්කාලීනයන් යෙදීම ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාව මදක් පහළ බස්වනු ඇති බවත් සිහිපත් කළ යුතුය. ඒ මෙම දෝෂ ඇතිවන්නේ ඔබේ ප්‍රොසෙසරය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගන්නා තාක්ෂණික උත්සාහයන් නිසවෙන් බැවිනි. මෙය විශාල ජාලගත පද්ධතීන් සමග ගනුදෙනු කරන විශාල ප්‍රොසෙසර වේගයක් අවැසි සමාගම්වලට නම් තරමක් විශාල බලපෑමක් සිදු කරනු ඇත.
Intel ප්‍රධාන විධායක නිලධාරී Brian Krzanich තම සමාගමෙන් නිපද වූ බිලියන පමණ වූ චිප්වල ඇතිවූ දැඩි දෝෂ හඳුනාගෙන මේ වනවිටත් විශාල ලෙස සිය සමාගම් කොටස් විකුණා ඇති අතර මේ වනවිට ඔහු සතුව ඇත්තේ ඔහු විසින් පවත්වා ගත යුතු අවම කොටස් ප්‍රතිශතය පමණක් බවත් CNN පුවත් අඩවිය වාර්තා කරනවා. නමුත් Intel සමාගම පවසන්නේ සිය ප්‍රධාන විධායක නිලධාරියාගේ කොටස් විකිණීම හා මේ සිදුවීම් අතර සම්බන්ධයක් නොමැති බවය. එසේම පසුගිය දින දෙක තුළ මෙම හේතුව නිසා සමාගම් කොටස් සියයට 6කින් පමණ පහළ බැස ඇත.
මෙම අර්බුද මගහැරීම වෙනුවෙන් සිදුකිරීමට ඇත්තේ මෙම ප්‍රොසෙසර සහ මුලින්ම ප්රථිස්ථාපනය කිරීම වුවත් එය ඉක්මනින් සිදු කළ හැක්කක් නොවේ. තවමත් මෙම දෝෂ නොමැතිව මෙතරම් වේගයක් සහ කාර්යක්ෂමතාවක් ලබා දිය හැකි ප්රොසෙරයක් වෙළෙඳපොළේ නොමැති නිසාද තත්ත්වයට විසඳුමක් සෙවීම අපහසුය. එම තත්ත්වයට දෝෂ රහිතව චිප් පද්ධතියක් හඳුන්වා දීමට තවත් වසර දෙකක් පමණවත් ගත වනු ඇතැයි විශේෂඥයෝ පවසති.
සීඑන්එන් සහ රොයිටර්ස් පුවත් සේවා ඇසුරෙනි.