එතෙක් මෙතෙක් කාලයක් පුරාවට ස්මාට්ෆෝන් ලෝකයේ විශිෂ්ටතම මෙන්ම මිලෙන් අධික වෙළෙඳ නාමයක් ලෙසින් නමක් දිනා සිටි HTC, මේ වනවිට මධ්‍යම ශක්‍යතා ස්මාට්ෆෝනයන් සොයා යන පිරිසටද ළඟා විය හැකි අන්දමේ දැරිය හැකි මිලක ස්මාට්ෆෝනයන්ද නිෂ්පාදනය කරමින් සිය සීමාව තවත් පුළුල් කරගෙන සිටී. මෙම පුළුල් පරාසයක වූ HTC උපාංග අතුරින් ඔබේ අවශ්‍යතා බොහෝ සෙයින් හඳුනන උපාංගයක් ලෙස HTC Desire 10 Pro උපාංගය හැඳින්විය හැක. එය පෙනුමෙන් මෙන්ම තාක්ෂණයෙන්ද ඉතා ඉහළ මට්ටමක් ලබාගෙන ඇත.
අඟල් 5.5ක IPS LCD capacitive touch screen තිරයක් අන්තර්ගත කර ඇති මෙහි මල්ටිටච් පහසුකම ඇත. එසේම එය ඇන්ඩ්‍රොයිඩ් මාෂ්මෙලෝ මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වීමට නියමිතය. ඩුවල් සිම් ස්මාට්ෆෝනයක් වන එය 64 GB ප්‍රධාන මතකයකින් සහ 4 GB රැම් මතකයකින්ද සන්නද්ධය. මීට අමතරව මෙයට 256GB දක්වා MicrosSD මතක චිප ඔස්සේ බාහිර මතකය ඉහළ දැමීමේ පහසුකමද තිබීම සමගින් පරිශීලකයාට භාවිතා කිරීමට ලැබෙන මතක ධාරිතාවය සැලකිය යුතු අන්දමින් ඉහළ යයි.
මෙසේ HTC Desire 10 Pro හි ස්ථාපිත ප්‍රබල දෘඩාංග පහසුකම් අතරින් මූලික අවධානය දිනාගන්නේ එහි කැමරා පද්ධතියයි. මෙගාපික්සල් 20ක ප්‍රධාන කැමරාවට f/2.2, 28mm සෙන්සරයක් සහ laser autofocus, dual-LED (dual tone) flash, Geo-tagging, touch focus, face detection, Auto-HDR, panorama වැනි විශේෂාංග අඩංගුවෙයි. එසේම මෙගාපික්සල් 13 ක, f/2.2, 28mm සෙන්සරයකින්ම යුක්ත ඉදිරිපස කැමරාවක් මෙහි පිහිටුවා ඇති අතර, එම ද්වීතීයික කැමරාවටද 1080p, Auto-HDR වැනි පහසුකම් ලබාදී තිබේ. ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම ඇතුළු සමස්ත කැමරා පද්ධතියම තරගකාරී ලෙසින් ඉහළ මට්ටමක පිහිටනවා සේම, වර්තමාන පරිශීලකයෙකුට ස්මාට්ෆෝන් කැමරාවකින් ගත හැකි උපරිම ප්‍රයෝජනය සහ අත්පත් කරගත හැකි උපරිම ගුණාත්මක භාවය ලබාගැනීමට ඉඩ සලසා දී තිබේ.
මෙහි රැහැන් රහිත සම්බන්ධතාවයන්, ජාල තාක්ෂණයන් යන දත්ත හුවමාරු හැකියාවන්ද ඉදිරියෙන් තිබෙන අතර, සාමාන්‍යයෙන් නවීන ස්මාට්ෆෝනයක දකින්නට ලැබෙනා ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ සෙන්සරයේ සිට අනෙකුත් සියලුම සංවේදකයන්ද ස්ථාපනය කොට තිබේ. ෆාස්ට් බැටරි චාජින් පහසුකම ඇති නිසා ඉතා ඉක්මනින් ආරෝපණය කළ හැකි මෙය Li-Ion 3000 mAh බැටරියකින් සමන්විතය. Stone Black, Polar White, Royal Blue, Valentine Lux වර්ණයන්ගෙන් සමන්විත මෙම උපාංගය මෙම වසර අවසානයේදී නිකුත් වීමට නියමිත අතර, දැනටමත් HTC ලෝලීන් අතර මෙම අනාගත HTC ජයග්‍රාහකයා වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් ඇතිවී තිබේ.