ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝනයක් භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකු භාවිතා කර ඇති යෙදුමක් ලෙසින් Google Play Services දැක්විය හැක. චීනයේ අලෙවි වෙන ඇන්ඩ්රොයිඩ් දුරකතනවල හැරෙන්නට අනෙකුත් සියළු ඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන තුළ මෙම යෙදුම ස්ථාපනය කර පැමිණෙයි.
උපාංගයේ සියළු ක්රියාකාරකම් මේ හරහා පාලනය වන බවට සැක නැත. මෙම යෙදුම මෑතකදී ලත් ජය්රහණයක් සම්බන්ධයෙන් මෙමසටහන තැබෙයි. ඒ බිලියන පහක භාගත කිරීම් සපිරූ පළමු යෙදුම එය බවට පත්වෙමිනි.
ඔබ එය ස්ථාපනය කර පැමිණෙන උපාංගයක් ලෙසින් සලකා මෙම තත්ත්වය මගහැර දැමුවත් ඔවුන් සැපිරූ මෙම ඉලක්කම තාක්ෂණික ලෝකය තුළ යෙදුමක් භාගතකිරීම සම්බන්ධයෙන් අඩු තක්සේරු කළ නොහැකි අගයකි. බොහෝ අනෙක් යෙදුම් Play Services තුළින් ජවය ලබා ධාවනය වෙයි.
මේ නිසා ගූග්ල් සමාගමට පැරණි ඇන්ඩ්රොයිඩ් උපාංග වලට පවා යාවත්කාලීනයන් යැවීමේ හැකියාව ලැබෙන අතර එමගින් මුළු ස්මාට්ෆෝනයටම බළපාන සංස්කරණයන් එක්කිරීමේ හැකියාව ලැබෙයි. එය වඩා වැඩදායී වන්නේ මෙහෙයුම් පද්ධතියක් නැවත ස්ථාපනය අපහසු සහ කල්ගත වන කාරණයක් බැවිනි.