ඔක්තෝබරයේ පස්වැනිදා නිකුත් වීමට නියමිත යැයි පැවසෙන ගූග්ල් සමාගමේ මීලඟ ෆ්ලෑග්ෂිප් උපාංගය පිළිබඳ මේ දිනවල දැඩි කතාබහක් සිදුවෙමින් පවතිනවා. ඉන් ප්රධානම කතාවක් වන්නේ එක් ප්රධාන තාක්ෂනික ඔත්තු සපයන්නෙකු වන Evleaks හී එවන් බ්ලාස් සිදුකළ Snapdragon 836 සම්බන්ධ ප්රකාශයයි.
ඒ නව ගූග්ල් පික්සල් උපාංගය නව Snapdragon 836 චිප් පද්ධතියෙන් සමන්විත වනු ඇති බවයි. එය ඒ මොහොතේදී විශ්වාස කළ හැකි පුවතක් බවට පත්වුනේ සෑම මොහොතකම ගූග්ල් සමාගම තම ෆ්ලෑග්ෂිප් උපාංගය නව තාක්ෂණයෙන් සන්නද්ධ (නෙක්සස් උපාංග පෙලෙහි සිටම) කළ බැවිනුයි. කෙසේ හෝ මෙම Snapdragon 836 පුවත සිදු නොවන බවට මේ වන විට මත ප්රකාශ වෙනවා.
එයට ප්රධාන හේතුව වන්නේ Qualcomm සමාගම Snapdragon 836 නිකුතුව වසරකින් කල් දැමීමයි. ඒ අනුව ගූග්ල් පික්සල් 2 උපාංගය Snapdragon 835 සමග නිකුත් වනු ඇති. ඒ අනුව Google Pixel 2 සහ XL උපාංග ඔක්තෝබරයේ පස්වැනිදා Snapdragon 835 පිළිබඳව වැඩි සිත් නොසතුටක් තබා ගත නොයුත්තේ, ගූග්ල් නිෂ්පාදන සෑම මොහොතකම ක්රියාකාරීත්වය අතින් දොසක් ගෙන නොදුන් බැවිනි.