වර්තමානයේදී පරිගණකයක් භාවිතයේදී යතුරුපුවරුවට අමතරව මවුස් එකක් නැතිනම් ටච් පෑඩ් එක භාවිත වුවත්, අතීතයේදී ට්‍රැක් බෝල් එකද ආදාන ක්‍රමයක් ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබුණි. මේ වනවිට ට්‍රැක් බෝල් යනු ඩයිනසෝරයෙකු බවට පත්ව තිබුණද, තවමත් ට්‍රැක් බෝල් එක වඩාත් පහසු සහ පරිශීලක මිත්‍රශීලී ආදාන ක්‍රමයක් ලෙසින් සලකන අය සිටී. හඳුන්වා දෙන Logitech MX Ergo මවුස් උපාංගය වැදගත් වන්නේ එම පරිශීලකයින් හටයි.
මෙම Logitech MX Ergo මවුස් උපාංගය තුළ ට්‍රැක් බෝලයක් අන්තර්ගත කොට ඇති අතර, එය දකුණත් හුරු පරිශීලකයින් හට සිය මහපට ඇඟිල්ල මගින් පාලනය කළ හැකි පරිදි ස්ථානගත කොට තිබේ. එසේම වම් සහ දකුණු ක්ලික් බොත්තම්ද, ස්ක්‍රෝල් රෝදය සහ එහි ඇති තුන්වන ක්ලික් බොත්තමද එසේම තබා තිබේ. මීට අමතරව තවත් අවශ්‍ය බොත්තම් කිහිපයක්ද මෙම මවුසය මත ඇත.
මෙහි පාදමේ ඇති ලෝහ පැලටය මගින් ඔබට අංශක 20 ක් දක්වා මවුසය ආනතියකට සිටින්නට සකසා ගත හැකි අතර, ඒ මගින් ඔබට ට්‍රැක් බෝලය භාවිතය සඳහා වඩාත් පහසු ඉරියව්වක් තෝරාගැනීමට ලැබෙනු ඇත. මෙහි නිමාවට අනුව එවැනි ආනතියක පිහිටන විටකදී පවා මවුස් බොත්තම් අපහසුවකින් තොරව භාවිත කිරීමට හැකියාව තිබේ. එසේම එයින් සාම්ප්‍රදායික මවුසයකින් මැණික් කටුවට දැනෙන වෙහෙස සියයට විස්සකින් පමණ අඩු කරනු ඇත.
මෙම මවුසයේ සංවේදීතාව උපරිම 440dpi වන අතර, නැවත ආරෝපණය කළ හැකි 500mAh බැටරිය එක් ආරෝපණයකින් මාස හතරක් පමණ ක්‍රියාත්මක වනු ඇත. එසේම මෙය රැහැන් රහිත සම්බන්ධතාව ඔස්සේ අඩි 32ක උපරිම දුරකට ක්‍රියාකාරී වනු ඇත.