saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Technology - timelapse 8535 hours ago

LATEST

ඇපල් පරිගණකයකට ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තහනමක්

calendar_today 2019 සැප් 12 - 12:17 remove_red_eye - 1556  

මෙම පරිගණකයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදි මුදල් අවභාවිත කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කළේය.

Read More

වර්තමානය වනවිට අපගේ ශරීරයේ කොටසක් යැයි සිතෙනා තරමටම මිනිස් ජීවිතයට සමීපව ඇති ස්මාට්ෆෝනය උපාංගයන් ප්‍රමාණයෙන් වඩ වඩාත් හුරුබුහුටි වීමත්, ප්‍රබලත්වයෙන් වඩ වඩාත් දියුණු වීමත් එහි අනවරත පරිණාමය තුළ නිරන්තරයෙන් සිදුවන දෙයක් යැයි කිව හැක. එය එසේ වුවත්, අප මේ පසුකරන්නේ ස්මාට්ෆෝන් උපාංගයන්ගේ තිර ආකෘතියේ විප්ලවයන් සිදුවන අවධියයි.

Read More

ඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි.

Read More

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නීය.

Read More

ඇපොලෝ 11 යානාව ඔස්සේ සඳ මතට මුලින්ම මිනිසුන් ගෙන ගිය මෙහෙයුම සඳහා සහාය වූ පරිගණක යන්ත්‍රයක් හා සංසන්දනය කරන විට, වර්තමානයේ ඇති මූලිකම ස්මාට්ෆෝන් උපාංගයක වුවත් ඇති පරිගණක බලය 60 දශකයේදී විද්‍යා ප්‍රබන්ධයන් තුළින් පවා බලාපොරොත්තු නොවුණු තරම් අතිප්‍රබල වේ. කෙසේ වෙතත් ඊටත් වඩා සිය ගුණයකින් පවා ප්‍රබලත්වයක් ඇති නවීන පරිගණක යන්ත්‍ර වර්තමානයේදී නිෂ්පාදනය වෙමින් පවතින අතර, දිනෙන් දින පරිගණකයේ ප්‍රබලත්වය ඉහළ යනු දැකිය හැකි වේ. මෙයට කදිම උදාහරණයක් වන්නේ නව

Read More

සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

වර්තමානයේදී ටැබ්ලට් උපාංගයන් ලෝකයේ බොහෝ දෙනෙකු අතර අතිජනප්‍රිය වුවත්, ටැබ්ලට් උපාංගයකින් සාර්ථකව කළ නොහැකි එක් දෙයක් තිබේ. එනම් පොතක් හෝ ලේඛනයක් හෝ වෙනයම් අකුරු කියැවීමේදී ඇසට පහසුවක් ලබාදීමයි. ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනත් ටැබ්ලට් උපාංගයන් සඳහා ඊ-බුක් කියැවීමේ යෙදුම් කොතෙකුත් තිබුණත්, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් ඔස්සේ පොත් කියැවීම කිසිසේත්ම සාර්ථක හෝ ප්‍රචලිත නොවීමට මූලික හේතුව එයයි. මෙයට විසඳුම වන්නේ E-ink තිරයයි. මෙම E-ink තිරය මුද්‍රිත කඩදාසියක් මෙන්ම

Read More

ස්මාට්ෆෝනයන්ගේ විශිෂ්ටත්වය සන්නාමයන් කිහිපයක් අතර පමණක් සුවිශේෂීව හිමිකොට සිටි යුගය මින් වසර ගණනාවකට පෙරාතුව අවසන් විණි. ඉන් පසුව ස්මාට්ෆෝන් උපාංගයන් වඩාත් විශිෂ්ටව නිෂ්පාදනය කිරීමේ තරගය තීරණාත්මක ලෙසින් උග්‍ර වූ අතර, ඒ ඔස්සේ මෑත ඉතිහාසයේදී ස්මාට්ෆෝන් උපාංගයන් සම්බන්ධයෙන් විප්ලවීය වෙනස්කම් ගණනාවක් සිදුවිණි. ඉන් එකක් වූයේ ස්මාට්ෆෝනයේ තිර පැනලයේ ප්‍රමාණය් හැකිතාක් විශාල කිරීමේ මෙහෙයුමයි. ඒ ඔස්සේ වර්තමානය වන විට ස්මාට්ෆෝනයක සාමාන්‍ය තිර ප්‍රමාණය අඟල

Read More

ඩෙක්ස්ටොප් පරිගණකයකට ආදාන උපාංගයක් ලෙසින් මවුසයක් තිබීම අත්‍යාවශ්‍ය වුවත්, තවදුරටත් ලැප්ටොප් උපාංගයන් මිලදී ගන්නා විට මවුසයක් මිලදී ගැනීම අනිවාර්‍ය නොවේ. කෙසේ වෙතත් ලැප්ටොප් උපාංග භාවිතා කරන්නන් බොහෝ දෙනෙකු පවා ඒ සමගින් වයර්ලස් හෝ USB මවුසයක් භාවිතා කිරීමට පෙළඹෙන්නේ, ලැප්ටොප් උපාංගයක ට්‍රැක්පෑඩයට වඩා එය වඩා කාර්‍යක්ෂම යැයි ඇතැමුන් සිතන නිසාවෙනි.

Read More

ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.

Read More

ප්‍රථම ගැලැක්සි ස්මාට්ෆෝනය ලෝකයට ඉදිරිපත් කොට ගෙවී ගොස් ඇත්තේ වසර දහයක් පමණක් බව විශ්වාස කළ හැකිද? සුඛෝපභෝගී උපාංගයක් ලෙසින් ලෝකයට හඳුන්වා දෙනු ලැබුණු ස්මාට්ෆෝන් උපාංගයන්, සෑම අයෙකුගේම අත ඇති උපාංගයක් බවට පත් කරන්නට පුරෝගාමියෙකු වූයේ සැම්සන්ග් සමාගමේ ගැලැක්සි උපාංග පෙළ බවට සනාථ කරන්නට අටුවා ටීකා අනවශ්‍යය. කෙසේ වෙතත් ප්‍රථම ගැලැක්සි උපාංගයෙන් ආරම්භ වූ ගමන, ස්මාට්ෆෝන් උපාංගයන්ගේ ශීඝ්‍ර පරිණාමය සමගින් අද Galaxy Fold දක්වා පැමිණ ඇත.

Read More

පෘථිවිය මත පරිණාමය ඔස්සේ ඉහළම බුද්ධි මට්ටමක් ඇති සත්ත්වයා බවට පත්වූ මිනිසා, එතැනින් නොනැවතී තවත් බුද්ධිමත් ජීවීන් නිර්මාණය කිරීමට පවා පෙළැඹී සිටී. කාබනික පදනමක් සහිත මිනිසුන් අතින් නිර්මාණය වන සිලිකන් පදනම් වූ බුද්ධිමත් ජීවීන් හෙවත් බුද්ධිමත් රොබෝවන් සහ බුද්ධිමත් පරිගණක පිළිබඳව ගැණිය නොහැකි තරම් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ සාකච්ඡා වීම අහඹුවක් නොවේ. තමන්ගේ ජීවිතය වඩාත් පහසු කරගනු වස්, තමන්ගේ බුද්ධිමත් සහායකයන් හට සිතා මතා කටයුතු කිරීමේ ශක්තිය ලබාදීම මි

Read More

ග්‍රැ‍ෆික් ටැබ්ලට් උපාංගයක් සහ සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් අතර වෙනස බොහෝ දෙනෙකුට වටහා ගැනීමට උගහට වෙයි. ප්‍රධාන වශයෙන් මෙම උපාංගයන් දෙක අතර ඇති වෙනස වන්නේ, සාමාන්‍ය ටැබ්ලට් උපාංගයක් යනු ස්පර්ෂ තිරයකින් යුතු සම්පූර්ණ පරිගණකයක් වීමත්, ග්‍රැ‍ෆික් ටැබ්ලටයක් යනු විශේෂිත ස්ටයිලස් පෑනක් යොදාගනිමින් චිත්‍ර හෝ වෙනත් ඇඳීම් කිරීමට හෝ ලිවීමට හැකි, වඩාත් සංවේදී ස්පර්ෂ තිරයක් සහිත ඩිජිටල් උපාංගයක් වීමත් වේ. කෙසේ වෙතත් ග්‍රැ‍ෆික් ටැබ්ලටයක අඳිනා හෝ ලියනා දෑ සැකසීම

Read More

මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය නිපදවනු ලබන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.

Read More

2019 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය (CES 2019) මෙම වසරේ ජනවාරි 8 සිට 11 වෙනිදා දක්වා අති උත්කර්ෂවත් අන්දමින් ලාස් වේගාස් හිදී පැවැත්වුණේ, ලෝකයේම නව තාක්ෂණ ලෝලීන්ගේ නෙත් සිත් ඒ දෙස යොමු කරවමිනි. සිරිත් පරිදිම මෙම වසරේ CES 2019 ප්‍රදර්ශනයේදීද පුළුල් පරාසයක නව තාක්ෂණික උපාංගයන් සහ නව තාක්ෂණයන් ලෝකයා හමුවේ එළිදැක්වුණු අතර, බොහෝ නිෂ්පාදන සමාගම් මගින් මෙම වසරේ සිය ජයග්‍රාහී නිර්මාණයන්ද එළිදක්වා තිබිණි. මෙම නව නිෂ්පාදනයන්ට පරිගණක/වීඩ

Read More

මෙහිදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍ර වේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

Read More

සාමාන්‍යයෙන් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම නිෂ්පාදනය වන, වඩාත් ප්‍රබල දෘඪාංග හැකියාවන්ගෙන් යුක්ත ඩෙක්ස්ටොප් වේවා, ලැප්ටොප් වේවා ගේමින්ග් පරිගණකයන්ගේ හැඩහුරුකම් සහ නිමාව සෑම විටකම අනෙකුත් පරිගණක උපාංගයන්ගෙන් පැහැදිලිව කැපී පෙනෙනා බව සත්‍යයකි.

Read More

ස්මාට්ෆෝන් ලෝකයේ බොහෝ ක්‍රියාකාරකම් සිදුවූ වසරක් අවසන් වී ඇත. ලැබුවා වූ 2019 වසරේදීද පෙර වසරේ දක්නට ලැබුණු සුවිශේෂී ස්මාට්ෆෝන් වෙනස්කම් වැඩි දියුණු වීම මෙන්ම, නව වෙනස්කම් හඳුන්වා දීමද සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක. විශේෂයෙන්ම නම්‍යශීලී ස්මාට්ෆෝන් උපාංගයන් මෙම වසරේදී වෙළෙඳ පොළ ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂාවන් තබාගැනීමට හැක.

Read More

රූපවාහිනී යන්ත්‍ර සම්බන්ධයෙන් අපට අසූව හෝ අනූව දශකයන්හි ඇත්තේ ඉතා ප්‍රියමනාප මතක සටහන් බව නොකිවමනායි. විශේෂයෙන්ම එකල පැවැති කළු සුදු රූපවාහිනී යන්ත්‍රත්, එතැනින් පසුව දැකගැනීමට ලැබුණු වර්ණ රූපවාහිනී යන්ත්‍රත් අනූව දශකයේ දරුවන්ගේ ජීවිත කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කළ අතර, කැ‍තෝඩ කිරණ නළ රූපවාහිනී හෙවත් CRT TV යන්ත්‍ර එම යුගයේ රජකරන ලදී. කෙසේ වෙතත් සහශ්‍රකය උදාවීම හා ඒ ආසන්න කාලය තුළදී පැතලි තිර රූපවාහිනී යන්ත්‍ර වෙළෙඳ පොළට පැමිණි අතර, එතැන් සිට පසුවී

Read More

අප කිහිප වතාවක්ම සඳහන් කර ඇති පරිදි වර්තමානයේ චීන ස්මාට්ෆෝන් සන්නාමයන් කිහිපයක්ම ලෝකයේ මෙතෙක් ස්මාට්ෆෝන් ලෝකයේ ප්‍රමුඛතම ස්ථානයේ වැජඹුණු සන්නාමයන් වෙත අභියෝග එල්ල කරමින් ඉදිරියට පැමිණ තිබේ. ජනප්‍රියත්වය අතින් පමණක් නොව, අලෙවිය අතින්ද මෙම චීන ස්මාට්ෆෝන් සන්නාමයන් ඉදිරියට පැමිණ ඇත. කෙසේ වෙතත් තවමත් ප්‍රමුඛ පෙළේ ස්මාට්ෆෝන් සන්නාමයන්හි මෙන් තමන්ගේ ෆ්ලැග්ෂිප් උපාංගයන් පැහැදිලිව ලෝකයේ ස්මාට්ෆෝන් සිතියම මත සලකුණු කිරීමට මෙම චීන සන්නාමයන් සමත් වී නොමැති

Read More

ඩ්‍රෝන යානාවන් යනු තවදුරටත් සුඛෝපභෝගී හෝ අරුම පුදුම උපාංගයන් නොවේ. වෘත්තීය මට්ටමෙන් මෙන්ම පුද්ගලික මට්ටමෙන් පවා ඩ්‍රෝන යානාවන් යොදා ගැනීම වර්තමානය වනවිට සුලභ කරුණක් බවට පත්ව තිබේ. ඒ සමගින්ම වැඩි වැඩියෙන් ඩ්‍රෝන යානාවන් නිෂ්පාදනය වනවා සේම නවීන ඩ්‍රෝන යානාවන් වඩ වඩාත් නවීන තාක්ෂණයෙන් පිරිපුන්, වඩාත් ප්‍රමාණයෙන් හුරුබුහුටි මෙන්ම වඩාත් හැකියාවන් සහිත උපාංග බවට වැඩි දියුණු කිරීමටද ඩ්‍රෝන නිෂ්පාදකයින් වෙහෙස දරයි. මෙසේ හෙයින් ඩ්‍රෝන යානාවන්ද ක්‍රම ක්‍රම

Read More

සංගීතය රසවිඳීම වඩාත් පුද්ගලික දෙයක් බවට පත් කරනා හෙඩ්ෆෝන් පසුගිය දශක කිහිපය තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය විණි. කෙසේ නමුත් මේ වනවිට සාම්ප්‍රදායික හෙඩ්ෆෝන් උපාංගයන්ගේ යුගයද අවසන් වන බවක් පෙනෙන්නට තිබේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ හෙඩ්ෆෝනයක් පැළඳ ගමන් බිමන් යනවිට හෝ වෙනත් එවැනි කටයුත්තක යෙදී සිටිනා විට අවට ශබ්දයන් කිසිවක් නෑසීමයි. මෙහි අඩුම ගැටළුව වන්නේ අවට පරිසරය සම්බන්ධයෙන් අවධානය නැතිවීමෙන් සිදුවන අපහසුතා වන අතර, මේ සමගින් පැමිණෙන දරුණුම ගැටළුව වන්නේ හද

Read More

වර්තමාන ලෝකයේ සෑම සියලු දෙයක්ම පාහේ ’Smart’ වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ. ඔබේ අත ඇති Smart Phone, පරිගණකය, ටැබ්ලට් උපාංගය පමණක් නොව, ඔබේ නිවසේ ඇති ස්පීකරය මෙන්ම සමස්ත නිවසම පාහේ ’Smart’ වී තිබේ. නිවසක භාවිත වන විදුලි බුබුලේ සිට මුළුතැන්ගෙයි උපකරණ දක්වාද Smart තාක්ෂණයන් අඩු වැඩි වශයෙන් පැතිර ගොස් තිබේ.

Read More

ටැබ්ලට් උපාංග ජනප්‍රිය වීමට පටන් ගත් කාලයේ දී පවා එය ටැබ්ලට් පරිගණක යන නමින් හැඳින්වුවත්, සැබැවින්ම එය පුද්ගල පරිගණකයක් ලෙස පරිශීලකයන්ට නොදැනුණි. බොහෝ විට ටැබ්ලට් උපාංග භාවිත කළේ Laptop හෝ Desktop පුද්ගල පරිගණකවලින් වැඩ කරන්නෙකුට, Smart Phone හි සාපේක්ෂව කුඩා තිරයෙන් ලබාගැනීමට නොහැකි වැඩ කොටසක් ඉ‍ටු කරගත හැකි හෙයිනි. නමුත් පුද්ගල පරිගණකයක ශක්‍යතාවයට ළඟා විය නොහැකි අතරමැදි උපාංගයක් ලෙස මෙය යොදා ගෙන ඇත. මෙයට හේතු ලෙස සාපේක්ෂව අඩු දෘඩාංග ප්‍රබලත්වය,

Read More
Lexar JumpDrive Fingerprint F3
1 12 2018 08:00:00
1 627

ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත ‍රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි.

Read More

2-in-1 Detachable උපාංග යනු තවදුරටත් වර්තමාන ලෝකයට ආගන්තුකයින් නොවේ. මෙයට වසර කිහිපයකට පෙරාතුව ටැබ්ලට් උපාංගයක් මිලදී ගත් බොහෝ දෙනෙකු එය භාවිත කළේ ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පුද්ගල පරිගණකයකට විකල්පයක් ලෙසින් නොවේ. පුද්ගල පරිගණකයකට වඩා ජංගම ගුණයෙන් යුතු වීම නිසාත්, වඩාත් හුරුබුහුටි වීම නිසාත් ටැබ්ලට් උපාංගයක් පරිගණකයකින් ඉ‍ටු කරගන්නා විනෝදාස්වාද කටයුතු හෝ අන්තර්ජාල සැරිසැරීම් හෝ ඊමේල් පරීක්ෂා කිරීම් වැනි කරුණු සඳහා බොහෝ දුරට භාවිත විණි. කෙසේ වෙතත් ලි

Read More

මේ වනවිට ඉලෙක්ට්‍රොනික උපාංග අපගේ එදිනෙදා ජීවිතයේ අතිවිශාල කොටසක් ආවරණය කරන්නට සමර්ථ වී තිබුණත්, කියැවීම සම්බන්ධයෙන් ගත් විට තවමත් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ පැරණි ක්‍රමයට මුද්‍රිත පොතක් කියැවීමට බව නොරහසකි. මුද්‍රිත පොතක් වෙනුවට ස්මාට්ෆෝන් හෝ ටැබ් එකක යෙදුමක් ඔස්සේ කියැවිය හැකි ඊ-පොතක් සාර්ථක නොවන බවට අප සැමදෙනාටම එකඟ වීමට හැක. එසේ වුවත් ඊ-පොත් කියැවීම සඳහාම නිර්මාණය වූ ඊ-බුක් රීඩරයන් වෙනුවට මුද්‍රිත පොත් ‍තෝරාගන්නා බොහෝ දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් කර

Read More

ඡායාරූප ගැනීම හෝ වීඩියෝ පටිගත කිරීම යනු තවදුරටත් ඉදිරියෙන් ඇති වස්තුවක් සිරස් අතට වන ඕනෑම කෝණයකින් ග්‍රහණය කර ගැනීම නොවේ. මේ වනවිට ඡායාරූප/වීඩියෝ ශිල්පයේ හැකියාවන් මෙන්ම ඡායාරූප හෝ වීඩියෝ ග්‍රහණය කර ගැනීමේ වුවමනා එපාකම් පුළුල් පරාසයක විහිදී ඇති නිසා, ඊට සමගාමීව නවතම කැමරා පරම්පරාවන්ගේ ආගමනයද අත්‍යාවශ්‍ය වී ඇත. අංශක 360 ක වපසරියක් ආවරණය කළ හැකි කැමරා එයින් එක් ප්‍රභේදයකි. මෙම කැමරාවන්ගෙන් බලාපොරොත්තු වූයේ Spherical footage නැතිනම් ගෝලීයව දසුන් ග්‍

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.