saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Technology - timelapse 10796 hours ago

LATEST

ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය සිය ප්‍රමුඛතම පරිශීලක අතුරු මුහුණත ලෙසින් යොදාගනිමින් නිර්මාණය වූ ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය ලැප්ටොප් උපාංගයන් සමගින් ජනප්‍රිය වී තිබුණත්, මෙතෙක් ටැබ්ලට් උපාංගයන් හා දක්නට නොලැබුණි. එනයින්, Acer Chromebook Tab 10 ටැබ්ලට් උපාංගය ගූගල් ක්‍රෝම් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන ප්‍රථම ටැබ්ලටය ලෙසින් වාර්තා වනු ඇත.

Read More
Samsung Galaxy Tab Active2
29 03 2018 10:14:00

ස්මාට්ෆෝනයක් මෙන්ම ටැබ්ලට් උපාංගයක්ද භාවිත කළ හැක්කේ සුවපහසුව හිඳ සිටිය හැකි අවකාශයක පමණක් නොවේ. ඇතැම් විට ඔබ නවීන තාක්ෂණය ඔබේ කටයුතු සඳහා අනුහුරු කරගැනීම මනාව ප්‍රගුණ කොට ඇතිනම්, ගොඩනැගිලි ඉදිකිරීම් බිමක වුවත් ඔබේ ටැබ්ලට් උපාංගය ඔබට ප්‍රයෝජනයක් වනු ඇත. කෙසේ නමුත් මෙහිදී පැන නඟිනා ප්‍රධානතම ගැටලුවක් වෙයි. එනම් සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ අප දකිනා ටැබ්ලට් උපාංගයන් බොහෝමයක් රළු භාවිතය සඳහා නිර්මාණය කළ ඒවා නොවීමයි. ඒවා බොහෝ විට දුහුවිල්ලෙන් හෝ තෙතමනයෙන්

Read More

අපගේ කුඩා කාලයේදී පරිගණක හෝ වීඩියෝ ක්‍රීඩාවන් අත්විඳීමේදී අපට තිබූ ප්‍රධානතම ගැටළුව නැතිනම් සැලකිල්ලට බඳුන් විය යුතු කරුණ වූයේ එම පරිගණක ක්‍රීඩාව ධාවනය කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතාවයන් සහිත පරිගණකයක් තිබේද යන්න පමණි. එතැනින් එහාට පරිගණක තිරයේ දිස්වන ක්‍රීඩාවේ දසුන් සහ මනා පාලකයන් -එනම් මැනවින් ක්‍රියාත්මක වන යතුරු පුවරුවක්,

Read More

වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද? මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත් ස්මාට්ෆෝන් සංකල්පය සමගින්ම ස්මාට්ෆෝන් කැමරාවද මේ වනවිට බැඳී පවත්නා බැවිනි. එය එසේ වුවත් මෙය ආරම්භ වන්නේ ස්මාට්ෆෝන් සමගින් නොවේ. අප ’’කැමරා ෆෝන්’’ යන යෙදුම මුලින්ම භාවිතා කරන්නට යෙදුණේ පසුපස කැමරාවක් සහිත විශේෂාංග ජංගම දුරකථන සඳහායි.

Read More

Wearable devices යනු වර්තමානයේ වැඩි වැඩියෙන් ලෝකයේ අවධානය දිනාගනිමින් ශීඝ්‍රයෙන් වර්ධනය වන උපාංග පෙළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැනට වසර ගණනකට පෙරාතුව ’ස්මාට්වොච්’ සංකල්පය ලෝකයට පැමිණි අවස්ථාවේදී බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ එය ස්මාට්ෆෝන් උපාංගයේ තැන ගනු ඇති, ස්මාට්ෆෝන් ලෝකයේ මීළඟ පරිණාමීය පිම්ම වනු ඇති බවටයි. කෙසේ නමුත් ස්මාට්වොච් උපාංගයක ඇති සීමාවන්ට ස්මාට්ෆෝන් උපාංගයක් අතික්‍රමණය කිරීම නුදුරු අනාගතයේදී කිරීමට නොහැකි බව වටහා ගැනීමත් සමගින්,

Read More
Sony A7 III
8 03 2018 10:14:00

වර්තමානයේදී තවදුරටත් වෘත්තීය මට්ටමේ කැමරාවක් නම් එය DSLR කැමරාවක් විය යුතු බවට තිබූ මතයට Mirrorless හෙවත් CSC කැමරාවන් ප්‍රසිද්ධියේම අභියෝග කර තිබේ. DSLR කැමරා සහ CSC කැමරා අතර වෙනස්කම් තිබෙනවාක් මෙන්ම, ඒ අතර ප්‍රබලතා සහ දුබලතාද තිබේ. මේ අතර එක් සුවිශේෂී වෙනසක් වන්නේ මිලයි. සාමාන්‍යයෙන් ගත් විට ඉතාම අඩු මිල මූලික DSLR කැමරාවක වුවත් ගෙවන මිලට වඩා වැඩියෙන් පහසුකම් සහ හැකියාවන් තිබෙනා නමුත්, අඩු මිල CSC කැමරාවක් සම්බන්ධයෙන් එසේ කිව හැකි නොවේ. CSC කැ

Read More

ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explorer Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බැලීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.

Read More

Samsung Galaxy S9 සහ S9+ සමාට්ෆෝන් නිකුත් වීම මේ වන විට සිදුවී ඇති අතර දැනට ඔබට එම ස්මාට්ෆෝන පෙර ඇණවුම් කිරීමේ හැකියාව පවතියි. ලොව වැඩිම ස්මාට්ෆෝන් පරිශීලකත්වය හිමි සන්නාමය වන Samsung සමාගම සිය ෆ්ලෑග්ෂිප් උපාංගය එළිදක්වන තුරු තාක්ෂණික ලෝලීන් බලා සිටියි. ඒ නිසාම මෙම Samsung Galaxy S9 සහ S9+ කරළියට පැමිණීම විශාල කතිකාවතක් ඇති කළේය.

Read More

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඉන්දියාවට වඩා ඉහළ අගයක පවතී. ඒ අනුව ඉන්දියාවේ 4G වේගය තත්පරයට මෙගා බයිට් 6.07ක් ලෙස සටහන් වන අතර, ශ්‍රී ලංකාවේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.95ක් ලෙසට සටහන් වෙයි. පාකිස්තානයේ එම වේගය තත්පරයට මෙගා බයිට් 13.56කි.

Read More

වර්තමානයේදී බොහෝ දෙනෙකු ඡායාරූප ගැනීම විනෝදාංශයක් ලෙසින් නැතිනම් ආශාව වෙනුවෙන් කරන දෙයක් ලෙසින් ප්‍රගුණ කරනා අතර, ඒ සඳහා බොහෝ දෙනෙකු වෘත්තීය මට්ටමේ කැමරාවක් භාවිත කිරීමට වඩා අත ඇති ස්මාට්ෆෝනයේ කැමරාව භාවිත කිරීමට වඩාත් නැඹුරුතාවක් දක්වයි.

Read More

ස්මාට්ෆෝන් උපාංගයන්හි ශීඝ්‍ර පරිණාමයේදී නිෂ්පාදකයන් සැලකිලිමත් වන එක් කාරණයක් වන්නේ ස්මාට්ෆෝනයේ පරිගණක බලය වඩාත් වැඩි කිරීමයි. මේ වනවිට ඇති සාමාන්‍ය ස්මාට්ෆෝනයක් පවා පැරණි ලැප්ටොප් උපාංගයකට වඩා බලසම්පන්න වේ. මේ අතරවාරයේදී Razer වැනි නව ස්මාට්ෆෝන් උපාංග නිෂ්පාදකයන් මෙම සීමාව තවදුරටත් එපිටට ගෙනයෑමට උත්සාහ කරයි. මෙහිදී එක් මොහොතකදී පැන නගිනා ගැටලුවක් වන්නේ, ප්‍රබල ස්මාට්ෆෝනයක් භාවිත කරන අතරවාරයේදී ලැප්ටොප් උපාංගයක් අවශ්‍යද යන්නයි. මෙයට පිළිතුර තරමක්

Read More

රූපවාහිනී යන්ත්‍රයක් යනුවෙන් අසූව හා අනූව දශකයන් තුළ හඳුනාගත් හැඩි දැඩි යන්ත්‍රය මේ වනවිට අතීතයට එක් වී හමාරය. එම අවදියේදී තිබූ විශාලතම රූපවාහිනී යන්ත්‍ර අඟල් ප්‍රමාණයන් පවා මේ වනවිට අතිශයින්ම සාමාන්‍ය වී තිබේ. කෙසේ නමුත් අතිශයින්ම සිහින් නිමාවෙන් යුතු පැතලි තිර සහ වක්‍ර තිර රූපවාහිනීවල යුගය තවමත් පැවතියත්, එයද අනාගතයේදී නිමා වනු ඇතැයි සිතෙනා නව රූපවාහිනී සංකල්පයන් මේ වනවිට වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් පවතී.

Read More

ස්මාට් නිවාස යන සංකල්පය සම්බන්ධයෙන් මෙයට දශකයකට දෙකකට පෙර අපගේ සිත තුළ තිබුණේ අතිශයින්ම ඉහළ තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් හෙබි, සුඛෝපභෝගී යමක්ය යන අදහසයි. එසේම ස්මාට් නිවසක මිලෙන් අධික තාක්ෂණික උපාංගයන් ස්ථාපනය කළ යුතු වූ බවද එම චිත්‍රයට ඇතුළත් වුණි. කෙසේ නමුත් වර්තමානය වන විට එම අදහස බොහෝ සරල වී ඇත.

Read More

Apple සමාගම අද (05දා) පැවසූයේ සිය ප්‍රොසෙරයන්ගේ දෝෂයන් දෙකක් iOS සහ Mac උපාංග වෙත බලපෑ බවයි. එය Apple වොච්වලට බලපා නැති මුත් අනෙකුත් සෑම iOS සහ Mac උපාංගයක් වෙතම පාහේ එය බලපාන්නට ඇති බවය. ඒ අනුව මේ වනවිට නව මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයක් එම උපාංග වෙත එවා ඇති අතර හැකි ඉක්මනින් අදාළ උපාංග නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණයට යාවත්කාලීන කරන ලෙසද දන්වා සිටියි.

Read More

මෙයට වසර ගණනාවකට පෙරාතුව ප්‍රථමයෙන්ම කෘත්‍රිම බුද්ධිය සහිත ඩිජිටල් සහායකයෙකු සහිත ස්පීකරයක් නිර්මාණය වී වෙළෙඳ පොළට නිකුත් වූ විටදී එය එතරම් ආකර්ෂණීය අදහසක් යැයි බොහෝ දෙනා නොසැලකූ බව යථාර්ථයයි. සම්පූර්ණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම ඩිජිටල් සහායකයන්ට කෘත්‍රිම බුද්ධියක්, එනම් තනිව සිතා තීරණ ගැනීමේ උසස් බුද්ධි මට්ටමක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.