saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Technology - timelapse 342 hours ago

LATEST

ආචාර්ය හාන්ස් විජේසූරියට ඉහළම තනතුරක්

calendar_today 2024 නොවැ 01 - 19:42 remove_red_eye - 628  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු පානදුර මහවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියයි.

Read More

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.

Read More

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් මහතාට අයත් චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට එම සමාගමට අවශ්‍ය බලපත්‍රය ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More

2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.

Read More

මධ්‍යම දකුණු කොරියාවේ නගර සභාවක කටයුතු සඳහා සහාය වූ රොබෝවරයකු දිවිනසාගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් දකුණු කොරියාව පරික්ෂණයක්ද ආරම්භ කර තිබේ.

Read More

තම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ. Kantar’s BrandZ විසින් වාර්ශිකව මෙම ශ්‍රේණිගත කිරිම ප්‍රකාශයට පත්කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Read More

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැන

Read More

ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.

Read More

තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.

Read More

වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබේ.

Read More

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

Read More

ට්විටර් හෙවත් x සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු ලොව අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි. සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවයි.

Read More

සෝවියට් දේශය, ඇමෙරිකාව හා චීනයට පසුව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ රට බවට ඉන්දියාව අද වාර්තා අතරට එක්විය.

Read More

පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමු ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත් කිරීම බවත් ඊට අනුගත ව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරක දී අදහස් දක්වමිනි.

Read More

විකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිශ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.

Read More

ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

Read More

ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වෙන ට්විටර් මාධ්‍ය ජාලයේ සලකුණ ලෙස භාවිත කළ නිල් පැහැති කුරුල්ලා සලකුණ වෙනුවට සමාජ මාධ්‍ය තුළ භාවිත කරන සුනඛයෙකුගේ (Doge Meme) රූපයක් යෙදීමට එලෝන් මස්ක් කටයුතු කර තිබේ.

Read More

ජලයේ ගිල්විය හැකි මෙන්ම ගුවන්නේ පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

Read More

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

ලොව සුපතල සමාජ මාධ්‍ය වේදිකාවක වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලට ගැනීමේ ගිවිසුම අවසන් කිරමට ලෝකයේ අංක එකේ ධනවතා වන ඉ‌ලෝන් මස්ක් කටයුතු කර තිබේ.

Read More

ලෝකයේ ඇතැම් කලාප වලින් වට්ස් ඇප් මාධ්‍ය ජාලයේ බිඳ වටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඇතැම් පරිශීලකයන් වෙත වට්ස් ඇප් පණිවිඩ යොමුකිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති සඳහන් වෙයි.

Read More

චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයෙ අභ්‍යාවකාශගාමීන් තිදෙනා විසින් ප්‍රථම වරට වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට විද්‍යා දේශනයක් සජීවීව විකාශය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

Read More

ලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ ව්‍යවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම ඉදිරිපත් කිරීම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්‍රියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla AI Day 2022 අවස්ථාවේදී මෙම නවතම හඳුන්වාදීම සිදුව තිබේ.

Read More

COVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. මුහුණු ආවරණ භාවිතය පහත වැටෙන විට සහ තවත් රටවල් වෛරස් සීමා ලිහිල් කරන විට පවා අවදානමට ලක්විය හැකි ජනගහනයට උපකාර කිරීම මෙම නව නිර්මාණයේ අපේක්ෂාවයි.

Read More

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.