2020 දී චීනය විසින් අපනයනය කරන ජංගම දුරකතන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවනු ඇති බව ගෝලීය වෙළෙඳපොළ බුද්ධි සමාගමක් වන ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (අයිඩීසී) ආයතනය පවසයි.
ඒ අනුව එම වසරේදී චීනයේ ස්මාර්ට්ෆෝන් නැව්ගත සියයට 0.7 කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 5G දුරකථන වෙළඳපල ලෝකය පුරා ව්‍යාප්ත වීම මේ සඳහා හේතුවක් ලෙස ඔවුන් දක්වයි.
එසේම ලබන වසර වන වන විට 5G දුරකථන වලින් සියයට 20 කට වඩා වැඩි මිල ගණන් යුවාන් 2,000 (එක්සත් ජනපද ඩොලර් 285.8 ක්) ට වඩා පහත වැටෙනු ඇතැයිද එම ආයතය පවසයි.
IDC දත්ත වලට අනුව මේ වසරේ තුන්වන කාර්තුවේදී චීනයේ 5G දුරකථන නැව්ගත කිරීම ඒකක 485,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒවායින් බොහොමයක් එක්සත් ජනපද ඩොලර් 700 කට වඩා වැඩි මිල ගණන් සහිත ප්රමුඛ පෙළේ ඒවා විය.