නොකියා සමාගම පසුගිය කාලයේ නිකුත් කළ ස්මාට්ෆෝන් උපාංග එතරම් ජනප්‍රිය නොවුණත් තවමත් මිනිසුන් නොකියා සමග පෙර තිබූ බැඳියාව අත්හැර නැහැ. වින්ඩෝස් මොබයිල් සේවාවන් බිඳ වැටීමෙන් පසුවද, ඉන්පෙරද නිකුත් කළ ඇන්ඩ්‍රොයිඩ් උපාංග පවා එතරම් ජනප්‍රියත්වයක් නොලැබුවද නොකියා සමාගම කුඩා ජංගම දුරකථනයකින් හෝ සිය පාරිභෝගිකයන් අත නිතර ගැවසුණා.
මේ හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ 2017 වසරට නොකියා සමාගම තිළිණ කරන නවතම කුඩා ෆෝනයයි. කැමරාවක්ද සහිත වර්ණ තිරයකින් යුතු මෙම ජංගම දුරකථනය බොහෝ ව්‍යාජ අනුකරණ අත තබා සිටින්නන්ට නැවත නොකියා වෙත මාරු වෙන්නට කදිම අවස්ථාවක් වනු ඇති.
එළැඹෙන අගෝස්තුවේදී වෙළෙඳපොළට එනු ඇතැයි අදහස් කරන මෙම උපාංගය ද්විත්ව සිම්පත් මගින් සේවාවන් සලසන ජංගම දුරකථනයකි. ගිගාබයිට් 32ක් දක්වා මතකය මේ තුළ අන්තර්ගත කළ හැකිය. VGA කැමරාවක් අන්තර්ගතය. බ්ලූටූත් මෙන්ම රේඩියෝ පහසුකම්ද ඇති මුත් අන්තර්ජාල පහසුකම් මෙහි අන්තර්ගත නොවේ. රතු, අළු සහ කළු වර්ණයන්ගෙන් මෙම දුරකථනය වෙළෙඳපොළට නිකුත් වනු ඇත.