කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් ප්‍රබලත්වයෙන් වැඩිවන්නා හාම ඒ සමානුපාතිකව ප්‍රමාණයෙන්ද වඩාත් කුඩා සහ සංයුක්ත වීම පරිගණක බලයක් සහිත සියලුම උපාංගයන්ට පොදු වූ පරිණාමීය ලක්ෂණයක් යැයි පැවසීම සාවද්‍ය නොවේ. පුද්ගල පරිගණක, නෝට්බුක්, ටැබ්ලට් මෙන්ම ස්මාට්ෆෝන් දශක කිහිපයක් තුළ පැමිණි ගමන් මග දෙස බලන විට එය මොනවට පැහැදිලි වනු ඇත.
වර්ක්ස්ටේෂන් පරිගණක ලෙසින් හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගල පරිගණකයකට වඩා වැඩි බලයක් සහිත, වඩාත් වෘත්තිමය වැඩකටයුතු සඳහා යොදාගත හැකි පරිගණක යැයි කිව හැක.
සාමාන්‍යයෙන් අතීතයේ පැවති වර්ක්ස්ටේෂන් පරිගණක තුළ වඩාත් ඉහළ තිබූ දෘඩාංග බලයක් සහ එම ප්‍රබල දෘඩාංගයන්ගෙන් සුමට ක්රියාකාරීත්වයක් ලබාගැනීම සඳහා එකලස් කර ඇති සිසිලන උපක්රමයන් වැඩි උපකාරක අංගයන් යන සියල්ලම එකලස් වූ විට විශාල, හැඩිදැඩි යන්ත්‍රයක් නිර්මාණය විණි.
කෙසේ නමුත් වර්තමානය වන විට මෙම වර්ක්ස්ටේෂන් පරිගණකයන්ද වඩාත් හුරුබුහුටි ප්‍රමාණයට අඩු කිරීම සඳහා පරිගණක නිෂ්පාදකයින් මහත් උත්සාහ දරමින් සිටී. හඳුන්වා දෙන Lenovo ThinkStation P320 Tiny යනු එම උත්සාහයන්ගේ එක් ප්‍රතිඵලයක් ලෙසින් හැඳින්විය හැක.
වර්තමානයේ දක්නට ඇති සාමාන්‍ය ඩෙක්ස්ටොප් පුද්ගල පරිගණකයකටත් වඩා ප්‍රමාණයෙන් අතිශයින්ම කුඩා මෙම වර්ක්ස්ටේෂන් පරිගණකය Lenovo සමාගම විසින් හඳුන්වන්නේ ISV සහතිකය ලබා ඇති ලොව කුඩාම වර්ක්ස්ටේෂන් පරිගණකය ලෙසිනි.
වෘත්තිය ක්‍රියාකාරකම් සඳහාම විශේෂිතව නිර්මාණය කර ඇති මෙම Lenovo ThinkStation P320 Tiny සංයුක්ත වර්ක්ස්ටේෂන් පරිගණකය ඔබට සාමාන්‍ය ඩෙක්ස්ටොප් ටවර් පරිගණකයක් සේම උස අතට මේසය මත පිහිටුවීමට නැතිනම් තිරස් අතට පිහිටුවීමට හැකියාව තිබෙනා අතර, මෙහි ප්‍රමාණය සලකා බලන විට ඔබට වැඩ කරන්නට සිදුවන්නේ කෙතරම් කුඩා ඉඩක වුවත් මෙම වර්ක්ස්ටේෂන් පරිගණකය එතැනට මනාව ගැලපෙනු ඇත.
මෙහි මානයන් ගත් විට පිළිවෙලින් උසින්, ගැඹුරින් හා පළලින් අඟල් 7.1 X 7.1 X 1.4 ක ප්‍රමාණය වෙයි. එසේම රාත්තල් 2.9 කට නොවැඩි බරක් ඇති මෙය ඔබ භාවිත කරනා මොනිටරය පසුපස කුඩා ඉඩක වුවත් සම්පූර්ණයෙන්ම සැඟවීමට හැකියාව ඇත.
මෙහි ප්‍රමාණය එලෙසින් කුඩා වුවත්, ThinkStation P320 Tiny උපාංගයේ එම කුඩා ටවර් කේසිනය තුළ රඳවා ඇති පරිගණක බලය වර්ක්ස්ටේෂන් උපාංග සම්මතයන්ට අනුව වුවත් කිසිසේත්ම සුළු කොට තැකිය හැකි නොවේ.
මෙහි 7th Generation Intel® Core™ i7-7700T vPro™ ප්‍රොසෙසරයක් සහ NVIDIA® Quadro® P600 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් තිබෙනා අතර, DDR4 රැම් මතකය ගිගාබයිට් 32 දක්වා ඉහළ අගයක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබේ. එසේම මෙහි ටෙරාබයිට් 2 ක් දක්වා වූ සමස්ත මතක ධාරිතාවක් ලබාදෙන සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් (SSD) දෙකක් ස්ථාපනය කර ඇත.
මෙම ප්‍රබල දෘඩාංගයන් සමගින් ඔබට මෙම වර්ක්ස්ටේෂන් පරිගණකය භාවිත කරමින් 3D Max, CAD හෝ වෙනත් නවීනතම වීඩියෝ සංස්කරණ, සජීවීකරණ, සැලසුම් නිර්මාණ මෘදුකාංගයන් කිසිදු අපහසුවකින් තොරව භාවිත කිරීමට හැකිවනු ඇත.
මීට අමතරව මෙහි Intel® Dual Band Wireless ac 8265 වයි-ෆයි සහ Bluetooth 4.1 රැහැන් රහිත සම්බන්ධතාවයන් තිබේ. Windows 10 Pro (64 bit)දක්වා වූ මෙහෙයුම් පද්ධතීන් සමගින් මෙය මනාව ක්‍රියාත්මක වනු ඇත.
මෙම වර්ක්ස්ටේෂන් පරිගණක ටවර් කේසිනයේ ඉදිරිපස USB 3.0 පෝට් දෙකක්, මයික්‍රෆෝන් ජැක් එකක් සහ ඕඩියෝ ජැක් එකක් ස්ථාපනය කොට ඇත. එසේම පසුපස mini DisplayPorts 4 ක් සහ DisplayPorts 2 ක් පිහිටුවා ඇති අතර, එම නිසා මෙයට උපරිම මොනිටර තිරයන් හයක් සමගින් එක්වර ක්‍රියාත්මක වීමට හැකිවනු ඇත.
ඊට අමතරව පසුපස Security lock ස්ලොට් එකක්, Ethernet පෝට් එකක්, Wi-Fi antenna ස්ලොට් එකක්, විදුලි බල ඇඩැප්ටරය සම්බන්ධ කෙරෙනා ස්ලොට් එක සහ තවත් USB 3.0 පෝට් තුනක් තිබේ.
එසේම මෙය යතුරක් හෝ ඉස්කුරුප්පු නියනක් වැනි මෙවලමකින් තොරව විවෘත කිරීමට හෝ වසා දැමීමට හැකිවන පරිද්දෙන් නිර්මාණය කර ඇති අතර, වඩාත් රළු භාවිතයට පවා මැනවින් ඔරොත්තු දෙන ලෙසින් නිමා කර ඇත.