දුරකථන සම්ප්‍රදායට නව මානයක් ගෙනදුන් සෙල්ෆි කලාව දැන් ජංගම දුරකථන පාවිච්චියට ගන්නා පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රිය වී තිබේ. මෙම සම්ප්‍රදායට එකතු වන නවතම හඳුන්වාදීම නම් Group selfie සංකල්පයයි. මෙම සංකල්පයට පුරෝගාමීත්වය දරන්නේ Oppo F3 Plus Selfie Expert ජංගම දුරකථනයයි.
මෙම දුරකථනයේ ඇති විශේෂත්වය වන්නේ එය ද්විත්ව කැමරා පද්ධතියකින් සමන්විත වීමයි. එහි ඇති 16 MP කැමරාවෙන් සෙල්ෆි ඡායාරූප ලබාගත හැකි අතර, Group Selfie සඳහා අංශක 120 ක පුළුල් කෝණයක් සහිත කාචයක් යොදා තිබේ.
ද්විත්ව කැමරා පද්ධතිය සහ එහි සුවිශේෂී ලක්ෂණ
මෙම දුරකථනයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි ඇති අංශක 120 පුළුල් කෝණයන් සහිත කාචයයි. මෙය 8 MP කැමරාවකින්ද සමන්විත වේ. එමගින් එම කැමරා රාමුව තුළ පුද්ගලයන් කිහිප දෙනෙකුට එකට එකතු වී Group selfie එකක් ගැනීමට හැකියාව තිබේ.
අනෙකුත් දුරකථනවලද මෙම ලක්ෂණය දක්නට තිබුණද, සෙල්ෆි තාක්ෂණයට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට Oppo F3 Plus දුරකථන මාදිලිය සමත්ව තිබේ. මෙය සාමාන්‍ය අංශක 8MP දෘෂ්ටි පථයට වඩා 105%කින්ම වැඩිවීමක් තිබේ. ඊට අමතරව මෙහි 08 කැමරාවේ අඟල් හතරෙන් යුක්ත සෙන්සරයක් ද ඇත.
තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම කැමරා කාචය තුළ පුද්ගලයන් තුන් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටියහොත් එහි ඇති Smart Facial Recognition තාක්ෂණයෙන් මෙම ඡායාරූපය ගැනීමට ඉතා පහසු වීමයි. එමනිසා ඔබගේ කණ්ඩායමේ සිටින සියලුම සාමාජිකයන්ට කිසිදු ගැටලුවකින් තොරව ඉතා වර්ණවත් ඡායාරූපයක් ගැනීමට හැකි වේ.
මෙහි ඇති තවත් ලක්ෂණ වන්නේ screen flash, Selfie Panorama, Palm shutter සහ Beautify 4.0 මෘදුකාංග එහි තිබීමයි. මෙමගින් ඔබට වෘත්තීයමය මට්ටමේ ඡායාරූපයක් ලබාගැනීමට හැකි වෙයි. මෙම මෘදුකාංගය තුළින් ඔබට විවිධාකාරයේ ඡායාරූප ලබාගැනීමට ඉඩකඩ තිබේ. මෙම හේතුව නිසා ඔබ ඡායාරූප ගැනීමට ඇලුම් කරන්නෙකු නම් මෙම ජංගම දුරකථනය ඔබට පහසුකම් රැසක් ගෙන දීමට සමත් වෙයි.
දිගුකල් පවතින බැටරිය
ඕනෑම තාක්ෂණික උපකරණයක් භාවිත කරන විට අපට තිබෙන එක ගැටලුවක් වන්නේ එය කෙතරම් කාලයක් භාවිත කිරීමට හැකි වෙයිද යන කාරණයයි. ජංගම දුරකථන තුළ අද ඇති ලොකුම ගැටලුවක් වන්නේ බැටරිය කෙටි කාලයක් තුළ බැසීමයි. එම නිසා එහි සවිකර ඇති 4000mAh බැටරිය පැය 284ක කාලසීමාවක් තුළ භාවිත කළ හැක.
නමුත් එය භාවිත කරන ආකාරය අනුව වෙනස් වන්නට ඉඩකඩ තිබේ. ජංගම දුරකථන පාවිච්චි කරන්නන්ට මෙම පහසුකම ඉතා වැදගත් වේ. ඊට අමතරව මෙම දුරකථන ජාලයේ ඇති VOOC Flash Charge ක්‍රමය තුළින් සාමාන්‍ය බැටරියක මෙන් සිවු ගුණයක වේගයෙන් ආරෝපණය වීමේ හැකියාවද එය සතු වේ.
අනෙකුත් ලක්ෂණ
ජංගම දුරකථන භාවිත කරන්නන්ට ඇති ඉතා මූලික ගැටලුවක් වන්නේ දුරකථන ආරක්ෂාවයි. අනෙකුත් දුරකථන තුළද දුරකථනයේ ආරක්ෂාව ගැන ඉතාමත් සැලකිලිමත් වන ආකාරයට විශේෂාංග ඇතුළත් කර ඇති නමුත් Oppo F3 Plus දුරකථනය පාවිච්චි කරන්නන්ට මෙම විශේෂාංගය සුවිශේෂී ලෙස සකස් කර තිබේ.
ඊට අමතරව එහි ඇති Lightning-Fast touch access පද්ධතිය වෙළෙඳ පොළේ දුරකථන අතර වේගවත්ම පද්ධතියකි. මෙම දුරකථනය අපට භාවිත කිරීමට පහසු වන තවත් විශේෂාංගයක් වන්නේ එහි ඇති Home-button fingerprint reader පද්ධතියයි. මෙමගින් තත්පර 0.2ක් ඇතුළත ඇඟිලි සලකුණු මගින් දුරකථනයට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දේ. මේ finger print reader ක්‍රමය භාවිත කරමින් fingerprint reader සහ App launch විශේෂාංග ද භාවිත කළ හැක.
අලංකාර නිමාව
මෙහි සියලු දුරකථන ඉතා අලංකාර නිමාවකින් යුක්ත වන අතර, මෙම දුරකථන ජාලයද එලෙසම නිමාකර තිබේ. නමුත් Oppo F3 Plus දුරකතනයේ ඇති විශේෂත්වය වන්නේ Unibody laruhg ක්‍රමයට නිර්මාණය කර තිබීමයි. තවද එහි ඇති 6-inch, 2.5 D Corning Gorilla Glass 5 තිරය ආරක්ෂිත ආවරණයක් ලෙස නිමකර තිබේ. මේ නිසා එහි කල්පැවැත්ම සහ අලංකාරය වැඩි වී තිබේ. Ultra- fine F3 PLus ඇන්ටනා නිර්මාණය සාම්ප්‍රදායික ඇන්ටනා සැලසුම වෙනස් කරන නිමැවුමක් වන අතර, එහි අලංකාරය ඉතා සිත්ගන්නාසුළු වේ.
මෙම දුරකථනය සකස්කර ඇත්තේ දුරකථන භාවිතා කරන්නන්ට මහඟු ලෙස උපකාරී වන අකාරයටයි. එය ඉදිරියේදී ජංගම දුරකථන සංස්කෘතියට එකතු වන පෙරළිකාර සාමාජිකයෙක් වන බව දැනටමත් පෙනී යන කරුණකි.
Oppo F3 Plus Selfie expert දුරකතන රන් හා කළු යන මාදිලි දෙකෙන් ලබාගත හැකි අතර, එය ඉදිරියේදී ලංකාවේ Oppo දුරකථන පරිභෝගිකයන්ටද මිලදී ගත හැකිවේ.