Huawei සමාගමේ අලුතෙන්ම නිකුත් වන ස්මාට්ෆෝනය වන Mate 10 Pro මේ වනවිට විශාල වශයෙන් ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන අවසන්ය. මේ මස නිකුත් වූ Huawei Mate 10 උපාංගය මෙන්ම, Huawei Mate 10 හී Porsche Design සංස්කරණයත් නිසා බොහෝ දෙනෙකුගේ ඇස Huawei Mate 10 Pro වෙත යොමු වී තිබේ. ඒ මෙම නොවැම්බරයේ නිකුත් වීමට නියමිත උපාංගය Huawei Mate 10ටත් වඩා විශේෂිත සංස්කරණයන්ගෙන් හෙබි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන නිසා වෙනි.
ඉදිරිපස සහ පසුපසින් වීදුරු නිමාවකින් සේම ඒ වටා ඇලුමිනියම් රාමුවකින් සුසැඳි Huawei Mate 10 Pro හි පෙනුම ආකර්ෂණීය වෙනවා මෙන්ම, එය IP67 සහතිකය සමගින් දූවිලි සහ තෙතමනය සඳහා ප්‍රතිරෝධයද දක්වයි. Huawei Mate 10 Pro උපාංගය ඉදිරිපස පෙනුම සැලකීමේදී හැකි තරම් තිරය වටා දාරයන්ට යන ඉඩ අඩු කර ඇති බව දැකිය හැකි අතර, අඟල් 6.07ක ඉදිරිපසින් තිරයට අඟල් 6ක් වෙන් වීම මෙහිදී අරුමයක් නොවේ.
Android 8.0 (Oreo) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන මෙම Huawei Mate 10 Pro උපාංගයේ Octa-core ප්‍රොසෙසරයක් තිබේ. මෙහි මතක ධාරිතාව සහ රැම් මතකය පිළිවෙළින් සැලකූ විට 64 GB/4 GB හෝ 128 GB/6 GB ලෙසින් පරිශීලකයින්ට තෝරාගත හැකි සංස්කරණ දෙකක් නිකුත් වේ. මෙහි ද්විත්ව කැමරා පද්ධතියක් (20 MP +12 MP) තිබෙනා අතර, එහි OIS, 2x lossless zoom, Leica optics, phase detection සහ laser autofocus, dual-LED (dual tone) flash යන පහසුකම් ඇත.
උපාංගය ඉදිරිපසින් Fingerprint සෙන්සරය සහිතව පැමිණෙන මෙහි accelerometer, gyro, proximity, barometer, compass යන සම්මත සෙන්සර පද්ධතියක්ද තිබේ. මෙන සියලුම කරුණු සමගින්, Huawei යනු මේ වනවිට ශ්‍රී ලංකාවේද බොහෝ දෙනෙකු මිලදී ගැනීමට පෙළඹෙන සන්නාමයක් බවත්, Huawei උපාංගයන්ගේ මිල සාපේක්ෂව පහළ බවත් සැලකූ විට Huawei Mate 10 Pro උපාංගය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාරණාවක් නොමැති බව කිව යුතුවේ.