සැම්සන්ග් සමාගම තම නවීනතම ජංගම දුරකථනය ලෙස Samsung Galaxy S8 එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැම්සන්ග් ගැලැක්සි නෝට් 07 ජංගම දුරකතනයේ ඇතිවූ ගැටලුව මකා දමමින් ඔවුන් සිය නවීනතම ජංගම දුරකථනය මෙසේ එළිදැක්වීමට නියමිතය.
ගැලැක්සි නෝට් 07 ජංගම දුරකථනය අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට අහිමි වූ වෙළෙඳ පොළ කොටස නැවත ලබාගැනීමේ අරමුණ ඇතිව එළිදැක්වීමට නියමිත නව දුරකථානය වඩාත් ශක්තිමත් දුරකථනයක් වනු ඇතැයි නවෝත්පාදකයන් හා විශ්ලේෂකයෝ අදහස් දක්වති.
ලබන වසරේ මුලදී වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිත සිය නවතම උපාංගයේ ඇතුළත් සේවා රහසක් වශයෙන් තබාගැනීමට එම සමාගම තීරණය කර තිබේ.